විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර ඇමති ධූරය භාරගත් පසු කරලියට පැමිණි කොරල් එනජි ඩීඑම්සීසී නැමැති සමාගමකට ඉන්ධන ඒකාධිකාරිය ලබා දෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තුළ සිදුකරන අති බිහිසුණු ඩොලර් කොල්ලයක් සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර අද (05) මාධ්‍ය හමුවක් කැඳවා හෙළිදරවු කළේය.
රටේ ප්‍රබලම දේශපාලකයෙකුගේ පුත්‍රයෙක් සතුව සියයට විස්සක කොටස් තිබූ මෙම සමාගමේ කොටස් මේ වනවිට ඔහුගෙන් වෙනත් පාර්ශවයක් වෙත මාරු කර ඇති බවත් මෙම ආයතනය විසින් මිල අධික ඉහළ ප්‍රමිතියේ බ්‍රෙන්ට් බොරතෙල්වල මිලට ප්‍රමිතියෙන් සහ මිලෙන් අඩු ඌරල් බොර තෙල් මිලදී ගැනීම නිසා එක් නැවකින් පමණක් ගසා කන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 30.938ක් බව මන්ත්‍රීවරයා පවසයි.
රක්ෂණ සහ වෙනත් ගාස්තු ලෙස තෙල් බැරලයක් සඳහා ගෙවූ ඩොලර් 06ක උපරිම මුදල වෙනුවට මෙම සමාගමට ඩොලර් 33.3ක් දක්වා ගෙවා ඇති බව පවසන ඇමතිවරයා මේ හේතුවෙන් සෑම ඉන්ධන ලීටරයක් සඳහා පාරිභෝගිකයාට වැඩිපුර රුපියල් 74ක මිලක් ගෙවීමට සිදු වී ඇතැයි කියයි.
මේ තරම් රට අගාධයකට ඇදවැටී ඇති අවස්ථාවක කරන මේ නින්දිත සොරකමට කළ යුත්තේ කුමක් දැයි ජනතාව තීන්දු කරනු ඇතැයි ද ඔහු පවසයි.
එම පුවත්පත් සාකච්ඡාවේ දී දයාසිරි ජයසේකර කළ හෙළිකරව්ව පහතින් දැක්වේ.







