ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 22 සංශෝධනයට සහයෝගය දැක්වීමෙන් වැලකී සිටින ලෙස හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ට උපදෙස් දී ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට සැලසුම් කර තිබීම නිසා ඊට විරුද්ධ විය යුතු බව හිටපු අගමැතිවරයා සිය මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අනුව 22 වැනි ව්‍යවස්ථා සංශෝනය හරහා 13 වැනි සංශොධනය බලාත්මක කිරීමේ පියවර වහා නතර කරන ලෙස මන්ත්‍රිවරු පිරිසක් පසුගිය දා ජානාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇත.
ඩයස්පෝරාවේ උවමනාවට 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට යෑමෙන් රටට අහිතකර ප්‍රතිඵල අත්විය හැකි බව එම මන්ත්‍රීවරු ජනාධිපතිරවයාට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර ඇතැයි ලංකාසරට වාර්තා වේ.
කෙසේ වෙතත් 22 වැනි සංශෝධනය හරහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්නේ නම් ඊට තම සහයෝගය ලබා දීම සිදුනොවනු ඇති බව පොහොට්ටු මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට දන්වා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.







