අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝලීය දේශපාලන ප්‍රවණතා ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර  කරලා…. ජනපති පවසයි.

by editor
සැප්තැම්බර් 29, 2022
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

කෝවිඩ් වසංගතය මෙන්ම යුක්‍රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය කරන ලද ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර, ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස ඉහළ නැගීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ   පැවසුවේය..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පිලිපීනයේ, මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දි අද (29) පෙරවරුවේ පැවැත්වුණු ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමේ ප්‍රධාන සැසිය අමතමිනි.එහි මුලසුන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හොඹවනු ලැබීය. පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් -කණිෂ්ඨ (Ferdinand R.Marcos, Jr.) සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමට සාමාජික රටවල මහ බැංකු අධිපතිවරු එක්ව සිටියහ.

ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීම සැප්තැම්බර් 26 වනදා ආසියනු සංවර්ධන බැංකු මුලස්ථානයේ දී ආරම්භ කෙරුණු අතර එය සැප්තැම්බර් 30 වනදා දක්වා පැවැත්වෙයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  කළ කතාවේ  අසංක්ෂිප්ත පරිවර්තනය මෙසේය. ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමේ සභාපතිවරයා ලෙස අද ඔබ ඇමතීමට ලැබීම මගේ භාග්‍යයක්. අද, ආසියානු සංවර්ධන බැංකුවෙහි සාමාජික රටවල්, වසර තුනකට පසු, ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ වාර්ෂික රැස්වීමේ දෙවන අදියර සඳහා මෙම ක්‍රියාශීලී නගරය වන මැනිලාහිදී, රැස්වී සිටිනවා.

පළමුවෙන්ම, මෙම ගෞරවනීය උත්සවය සංවිධානය කිරීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවට (ADB) සහ පිලිපීන රජයට මගේ අවංක කෘතඥතාව පළ කරනවා. ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් මධ්‍යයේ, වාර්ෂික රැස්වීමේ දෙවන අදියර කොළඹදී පැවැත්වීමේ අවස්ථාව අපට මගහැරී ගියා. කෙසේ වෙතත්, නුදුරු අනාගතයේ දී ඔබ සැම කොළඹට පිළිගැනීමට අපි නොඉවසිල්ලෙන් බලා සිටිනවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ආසියානු සංවර්ධන බැංකුව ඉතා ධනාත්මක බලපෑමක් ඇති කර ඇති අතර, එය මුළු කලාපයටම ගැඹුරින් දැනෙනවා. 2021 දී, ආසියානු සංවර්ධන බැංකුව සාමාජික රටවලට ඩොලර් බිලියන 22.8 ක් ලබා දී ඇති අතර, තවත් අනෙකුත් ප්‍රභවයන් සමඟ හවුල්කාරීත්වය හරහා සම-මූල්‍යකරණය සඳහා අතිරේක ඩොලර් බිලියන 12.9ක් ලබාදී තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවෙහි “උපායමාර්ගය 2030” මගින් දේශගුණික විපර්යාස සහ ස්වාභාවික විපත්, ආහාර සහ බලශක්ති අනාරක්ෂිතභාවය ඇතුළු ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට උත්සාහ දරන අතරම ඩිජිටල් ආර්ථිකයේ අවස්ථා වැලඳ ගැනීම, තිරසාර බලශක්තිය සහ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීමට උත්තේජනය කරයි. මේ අනුව, ආසියා සහ පැසිෆික් කලාපය පුරා සිටින ජනතාවගේ ජීවිත සහ ජීවනෝපායන් වැඩිදියුණු කරන ප්‍රතිපත්ති හැඩගැස්වීමට සහ මූල්‍යකරණයට උපකාර කිරීමේදී ආසියානු සංවර්ධන බැංකුවට තීරණාත්මක කාර්යභාරයක්  තිබෙනවා.

කෝවිඩ් වසංගතය විසින් නිර්මාණය කරන ලද සැපයුම්දාම දෙදෙරා ගියා සේම යුක්‍රේන යුද්ධය හේතුවෙන් ගෝලීය භාණ්ඩ ප්‍රධාන වශයෙන් ආහාර, ඉන්ධන සහ පොහොර මිල අහස උසට නැඟීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළා. ඉහළ ගිය ආහාර සහ බලශක්ති මිල ගණන් මධ්‍යම පන්තියේ වර්ධනය හැකිලීමට තුඩු දෙන අතර ඉන්දියන් සාගර කලාපයේ අවදානමට ලක්විය හැකි ප්‍රජාව අතර තවදුරටත් අනාරක්ෂිත භාවයට හේතු වී තිබෙනවා.

මෙම කම්පනවල ප්‍රතිඵලයක් වශයෙන්, නැගී එන වෙළෙඳපොල හරහා ස්වෛරී ණය බරතාවයෙහි ඉහළ යාමක් සිදුවී තිබෙනවා. නැඟෙනහිර ආසියාවේ සහ දකුණු ආසියාවේ වර්ධන ඉලක්ක පහළට වැටී තිබෙනවා. මෙය වහා විසඳා නොගත හොත්, එය සියලු ආර්ථිකයන් හරහා වර්ධනයට සහ මූල්‍ය ස්ථාවරත්වයට තර්ජනයක් වන ණය බරතාව තවදුරටත් වර්ධනය කිරීමේ අවධානමක් ඇති කරනවා.

ශ්‍රීලංකාව ඇතුළුව පෙර පැවති ආර්ථික අවධානම් සහිත රටවල් වඩාත් බලපෑමට ලක්ව තිබෙනවා. එබැවින්, කලාපය පුරා සහ ඇත්ත වශයෙන්ම ලෝකය පුරා ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ණයහිමියන් සහ ණයගැති ජාතීන් සමානාත්මතාවයෙන් සාමූහිකව කටයුතු කළ යුතුයි.
ගෝලීය වේදිකාවේ වර්ධනය ශ්‍රී ලංකාවේ ස්වයං-ප්‍රේරක ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩු වෙනසක් ඇති කිරීමට තුඩු දුන් දේශපාලන පිපිරීමක් ද සිදු වුණා.

අද අපි ආර්ථිකය ස්ථාවර කර ඇති අතර බොහෝ රටවල් සහ පාර්ශ්වකරුවන් මෙම අර්බුදය විසඳා ගන්නේ කෙසේද යන්න දැඩි ලෙස නිරීක්ෂණය කරනවා. මෙම අර්බුදය විසඳීම සඳහා අප සියලු පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කරන්නේ කෙසේදැයි බැලීමට බොහෝ ජාතීන් ශ්‍රී ලංකාවේ වර්ධනයන් දැඩි උනන්දුවකින් නිරීක්ෂණය කරනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ විකාශනයට දේශීය ප්‍රතිපත්තිමය අංග මෙන්ම බාහිර අර්බුදකාරී තත්ත්වයන්ද ඇතුළත් බව අපි හොඳින් දන්නවා. ඒ කියන්නේ, අර්බුදය විසඳීම සඳහා දේශීය උත්සාහයන් සහ බාහිර හවුල්කරුවන්ගේ සහයෝගය ද අවශ්‍ය බවයි. සහයෝගිතා සහ සද්භාවයෙන් ක්‍රියාකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ස්වෛරී ණය ප්‍රශ්න සඳහා තිරසර සහ සාධාරණ විසඳුම් ලබා ගත හැකි ආකාරය පිළිබඳ ආදර්ශයක් තැබීම ශ්‍රී ලංකාවේ සහ අපගේ ණයහිමියන්, හවුල්කරුවන් වෙත පැවරී තිබෙනවා.

මේ සඳහා අප දැනටමත් ප්‍රධාන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ දියත් කර තිබෙනවා. විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා අප දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ ඇති බව ඔබට මම සතුටින් දන්වා සිටිමට කැමැතියි. මෙම වැඩසටහන පෙළගැසී තිබෙන්නේ, ආණ්ඩුවේ කැපවීම සමඟ අපගේ රාජ්‍ය මූල්‍යවල තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීමට, බාහිර අසමතුලිතතා ආමන්ත්‍රණය කිරීමට විස්තීර්ණ ප්‍රතිසංස්කරණ පැකේජයක් ක්‍රියාවට නැංවීමටයි.

විශාල ආර්ථික පීඩනයක් මධ්‍යයේ, ශ්‍රී ලංකාව රටේ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අපගේ කැපවීමේ කොටසක් ලෙස පෙර නොවූ විරූ මූල්‍ය ප්‍රයත්නයක් දරනවා. අපගේ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මෙම ප්‍රයත්න සඳහා ශ්‍රී ලංකාවේ ණයහිමියන් සහ සියලු පාර්ශ්වකරුවන් අපට සහාය දක්වනු ඇති බව අපගේ බලාපොරොත්තුව සහ අපේක්ෂාවයි.

ශ්‍රී ලංකාව මෙම ගැඹුරු සහ බොහෝ විට දරාගත නොහැකි පීඩාකාරී ප්‍රතිසංස්කරණයන් සිදු කරන අතරම, ඉහළ යන විරැකියාව සහ පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම අපි අත්විඳිමින් සිටිනවා. සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සාමාජිකයින්ට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳ රජය දැනුවත්. ඒ අනුව, සමාජ ආරක්ෂණය සඳහා ඉලක්කගත සහාය සඳහා වැඩි මූල්‍ය ප්‍රතිපාදන සහ සම්පත් වෙන් කිරීමට සෑම උත්සාහයක්ම ගෙන තිබෙනවා. මේ සඳහා අප දැනටමත් ප්‍රධාන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පියවර ගෙන තිබෙනවා.

වත්මන් ගෝලීය ආර්ථික අර්බුදය ජය ගැනීමට ආසියාවට තවමත් හැකියාව තිබෙනවා. 2008 මූල්‍ය අර්බුදය මෙන් නොව, මෙම අවස්ථාවෙහිදී, ගෝලීය ආර්ථිකය යථාවත් කර ගැනීම උත්තේජනය කිරීමට ආර්ථික ලීවර පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ප්‍රධාන අර්බුදය අවධාරණය කරන සාධක ආර්ථික සම්භවය පමණක් නොව විකාශනය වන භූ දේශපාලනයේ ප්‍රතිවිපාක ද තිබෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ පෙර පැවති අර්බුදය මෙන් නොව G20 අතර සහයෝගීතාවක් නොමැති වීමයි.

එක් පැත්තකින් යුක්‍රේන යුද්ධය සහ අනෙක් පැත්තෙන් මිලිටරි, වෙළෙඳ හා දේශපාලන මතභේද මගින් අවුලුවාලූ එක්සත් ජනපද-චීන එදිරිවාදිකම්, සහයෝගීතාවයේ මෙම බිඳවැටීමට ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙනවා. ආසියාවේ තවමත් පවතින නියඟ, ගංවතුර සහ වසංගත මෙම භූ දේශපාලනික එදිරිවාදිකම්වලට තාමත් බලපෑම් කරනවා. මේ සියලු අභියෝග ගෝලීය නායකත්වයක් නොමැතිකම නිසා සංකීර්ණ වී තිබෙනවා. මෙම ගෝලීය එදිරිවාදිකම් 2050 වන විට නව ගෝලීය බල තුලනයක් තීරණය කරන නව සීතල යුද්ධයක් දක්වා තීව්‍ර විය හැකි අතර, අර්බුදය අවම කිරීම සඳහා නායකත්වය දීමට ප්‍රධාන රටවලට ඇති නොහැකියාව වඩාත් පැහැදිලිව ඉස්මතු විය හැකියි.

සංවර්ධනය වෙමින් පවතින ආසියාව අඳුරු අනාගතයකට මුහුණ දී සිටිනවා. උද්ධමනය වැඩිවීම, දැඩි මූල්‍ය ප්‍රතිපත්ති, යුරෝපීය නිමැවුමේ පහත වැටීම, අපනයන දුර්වල වීම අපගේ ‘Asia Development Outlook 2022’ හි ඉස්මතු කර ඇති පරිදි දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ දුර්වල ආර්ථිකයට හේතු වෙනවා. තවද, භූ දේශපාලනික එදිරිවාදිකම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා නව සන්ධාන දකින්නට ලැබෙනවා.

අපගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන ගෝලීය දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා පොදු ප්‍රවේශයක් නොමැතිකම තවදුරටත් ඉස්මතු වෙනවා.

ශතවර්ෂයේ මැද භාගය වන විට ආසියානු බල තුලනයේ සමෝච්ඡයන් තීරණය කිරීමට ඇති භූදේශපාලනික එදිරිවාදිකම් මේ කලාපයේ සමෘද්ධියට තර්ජනයක් වනවා. එම අර්බුද ජය ගැනීමට නායකත්වය දීමට ප්‍රධාන රටවලට නොහැකි වී තිබෙනවා.

මෙම ප්‍රධාන ආර්ථික හා පාරිසරික ගැටලු විසඳීම අවාසනාවන්ත ලෙස ගෝලීය භූ දේශපාලන අර්බුදය සමඟ බැඳී තිබෙනවා. කියමනක් තිබෙනවා අලි රණ්ඩු වන විට තැළෙන්නේ තණකොළ කියලා. මෙය අපේ සාමාජික රටවල් බොහොමයක ඇති අර්බුදකාරී තත්ත්වයයි. එබැවින්, අපගේ පැවැත්මට ඇති ප්‍රධාන තර්ජන ආමන්ත්‍රණය කිරීම සඳහා භූ දේශපාලන එදිරිවාදිකම් ජය ගත යුතුයි. එසේ නොවුහොත්, පළමු ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපය වුවා සේ අපගේ කලාපයත් අස්ථාවර වී අසාර්ථක වනු ඇත. අනෙක් අතට, මෙම අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට අපට ඇති හැකියාව, අපගේ සාමාජික රටවල ආර්ථිකයේ වර්ධනය සහ අපගේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ කැපී පෙනෙන දායකත්වයක් සපයනු ඇති

.මගේ කතාව අවසන් කිරීමට පෙර, ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීම සංවිධානය කිරීමේදී ඉහළ ආගන්තුක සත්කාරයක් පිරිනැමීම වෙනුවෙන් පිලිපීනයේ ජනාධිපති මාකෝස් සහ එරට ජනතාවට මාගේ අවංක කෘතඥතාව පළ කරනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ෂොබිනි ගුණසේකර  සහ ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමට සහභාගීවී සිටින සාමාජික රටවල මහබැංකු අධිපතිවරු වෙනුවෙන් පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්.මාකෝස්-කණිෂ්ඨ   විසින් පිරිනැමූ දිවා භෝජන සංග්‍රහයට ද විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

Share69Tweet43
Previous Post

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ කතාව කොපි කළ බට වෝදනාවක්

Next Post

රටේ ව්‍යසනයෙන් රුදුරු ලෙස බැට කන “ පෙති හැළුනු මල් කැකුළු“…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.