රුපියල් තුන් කෝටි දහ හතර ලක්ෂ හතලිස් දහසක් වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස ගුවන්තොටුපලින් පන්නාගෙන යන්නට හැදූ තිස්සමහාරාමය ප්‍රදේශයේ 23 හැවිරිදි භික්ෂුවක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්ත රේගු පරිශ්‍රයේ දී ඊයේ (24) සවස අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම භික්ෂුව ඊයේ (24) දින සවස 02.20 ට ඕමානයේ මස්කට් නුවර සිට පැමිණි ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි. – 373 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
තරුණ භික්ෂුව විසින් රැගෙන ආ ගමන් මලු තුළ රුපියල් අනූ ලක්ෂයක් වටිනා ජංගම දුරකථන 218 ක් , රුපියල් එක් කෝටි අනූ පන් ලක්ෂයක් වටිනා රන් බිස්කට් 08 ක් , රුපියල් හය ලක්ෂ අසූ දහසක් වටිනා රන් කැබලි 06 ක් , රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා විශාල ප්‍රමාණයේ ගෙල පළදින මාළ 02 ක් සහ රුපියල් හැට දහසක් වටිනා ලැප්ටොප් පරිගණකයක් ද තිබී රේගු අත්අඩංගුවට පත් වී ඇත.
මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ඩබ්ලිව්.එච්.ජී.ජී.කෝසල විසින් පැවැත්වූ අතර මෙසේ නීතිවිරෝධී ලෙස ගෙන ආ භාණ්ඩ තොගය රාජසන්තක කර, මෙම හිමියන්ට දඩ නියම කිරීමකින් තොරව නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.







