ගල් අගුරු ලබාදීමට හැකි පුද්ගලයින් වෙතොත් වහාම ඉදිරිපත් වන ලෙසත් එය කඩාකප්පල් කිරීමට යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ඉදිරිපත් වන්නේ නම් ඉන් සිදුවනු ඇත්තේ මුළු රටටම දිනකට පැය 10 – 12 අඳුරට වැටීම පමණක් බවත් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ සඳහන් කරයි.
නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීම සඳහා පසුගිය අගෝස්තු 25 වනදා ප්රදානය කරන ලද ටෙන්ඩරය පැන නැගුන නෛතික තත්ත්ව මත අවලංගු කිරීමට පසුගිය කැබිනට් රැස්වීමේදී තීරණය කිරීමත් සමග මේ වනවිට රටම දැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමේ අවදානමකට පත් වී ඇති බව හෙතෙම පැවසීය.
කෙසේ නමුත් නැවත කඩිනමින් ටෙන්ඩර් කැඳවීමක් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වු බැවින් එය එළඹෙන අඟහරුවාදා දින සිදු කරන බව සාමාන්‍යාධිකාරීවරයා සදහන් කළේය. ඔහු පවසන්නේ මෙම ක්ෂණික මිලදී ගැනීම් ටෙන්ඩරයට එරෙහි නොවන ලෙසය.
මෙහි දි ක්ෂණික මිලදී ගැනීම සහ දීර්ඝකාලීන මිලදී ගැනීම් වශයෙන් ටෙන්ඩර් කැඳවන බව පවසන ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ පැවසුවේ මේ අවසනා වෑයම අසාර්ථක වුවහොත් ලබන මස අග වන විට දැවැන්ත විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවය.







