ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ප්‍රංශය විසින් සිය ආරක්ෂක සම්බන්ධතා වර්ධනය කර ගැනීමට විශේෂ ත්රෛපාර්ෂවික සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.
ඒ අනුව මෙම සාකච්ඡව එක්සත් ජනපදයේ නිව් යෝක් නගරයේදී පැවති අතර එහිදී රටවල් තුනෙහි ආරක්ෂා හවුල්කාරිත්වය තහවුරු කිරීම සඳහා ප්‍රංශයේ නිෂ්පාදිත රෆෙල් ප්‍රහාරක ජෙට් යානා සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.
රෆේල් ප්‍රහාරක ජෙට් යානා ත්‍රෛපාර්ශ්වික උපායමාර්ගික හවුල්කාරිත්වයේ පොදු අංගයකි. ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් දෙකම ප්‍රංශයෙන් රෆේල් ප්‍රහාරක යානා මිලදී ගෙන ඇත. ත්‍රෛපාර්ශ්වික රෆේල් සංසදයක් පිහිටුවීමට රටවල් තුන උනන්දු වන බවත් ඉන්දියාව එම සංසදයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව දකුණු ආසියාවේ ප්‍රංශය සඳහා ප්‍රධාන උපායමාර්ගික හවුල්කරුවෙකු වන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඒ හා සමානව බටහිර ආසියාවේ ප්‍රංශයේ ප්‍රධාන හවුල්කරුවා බවට පත්ව ඇත. ඒ අනුව ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හවුල්කාරිත්වය පසුගිය වසර කිහිපය තුළ උපායමාර්ගික ශක්තිය නව මට්ටමකට ගෙන ගොස් ඇත.
මේවන විට ඉන්දියාව, එක්සත් ආරබි එමීර් රාජ්‍ය සහ ප්‍රංශ පසුගිය කාලය පුරාවටම සිය ආරක්ෂිත සහයෝගීතාව වර්ධණය කරගැනීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ජූලි මාසයේදී රටවල් තුන ත්‍රෛපාර්ශවීය සාකච්ඡා අරම්භ කර තිබිණි.
මෙම ආරක්ෂක සම්බන්ධතා වර්ධනය කරගැනීමට මූලික පාදම කරගත් ප්රශයෝ රෆෙල් ප්‍රහාරක යානාව සුවිශේෂී වේ. එම ප්‍රහාරක යානාව මේවන වලට ලොව භාවිතා වන ප්රමාඛ පෙළේ ප්‍රහාර යානාවකි.







