ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ දරුවෙක් කුරුම්බා ලොඳ දිවා ආහාරයට රැගෙන පැමිණ නැති බවත් එය අමූලික බොරුවක් බවත් කියමින් එම විදුහලේ විදුහල්පතිනියගේ හඬ පටයක් තමන්ගේ මයික්රෆෝනයට අල්ලා පාර්ලිමේන්තුවේ දී ක්‍රියාත්මක කළ කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාට කථානායකවරයා අද (22) අවවාද කළේය.
කෙහෙළිය රඹුක්වැල්ල ඉතාම ආවේගයෙන් මාධ්‍යයට දොස් කියමින් එවැනි සිද්ධියක් පාසල තුළ සිදුවී නැති බවත්, එසේ සිදුවී නැති බව පාසලේ විදුහල්පතිනිය තමන්ටකී බවත් පවසා එම හඬ පටය පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කළේය.
එවිට කතානායකවරයා වහාම එය නවත්වා පාර්ලිමේන්තුව තුළ කතා කළ හැක්කේ මන්ත්‍රීවරුන්ට පමණක් බවත් එම ක්‍රියාව වහාම නවත්වන ලෙසත් පැවසුවේය.
මේ අවස්ථාවේ දී ප්‍රසන්න රණතුංග ඇමතිවරයාත් කිව්වේ මිනුවන්ගොඩ තමන්ගේ පළාත බැවින් ඒ සම්බන්ධව සොයා බැලීමට තමන් පුද්ගලිකව මැදිහත් වුන බවය. වාර්තාකරුවන්ගෙන් ඇසූ විට ඔවුන් නිසි පිළිතුරක් ලබා නොදෙන බවය. එවැනි සිද්ධියක් සිදුවී නැති බව ඔහු කීවේය
කෙසේ වෙතත් සිද්ධිය වූ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල දුගී දෙමව්පියන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන පාසලක් බව අනාවරණය වේ.