-
ලක්පෝෂ නම් නිෂ්පාදනයේ නියමිත අවම පුමාණයට වඩා 26 ගුණයකින් ඇෆ්ලටොක්සීන්
-
සමපෝෂ නිෂ්පාදනවල නියමිත ප්රමාණනයට වඩා තුන් ගුණයක්, යහපෝෂ නිෂ්පාදනවල නියමිත අගයට වඩා අට ගුණයක් ඇෆ්ලටොක්සින්…
සමපෝෂ , යහපෝෂ සහ ලක්පෝෂ නම් දරුවන්ට ලබා දෙන අතිරේක ආහාර නිෂ්පාදන ත්‍රිත්වයේ මිනිස් ආහාරයට නුසුදුසු මට්ටමට ඇෆ්ලටොක්සින් විෂකාරකය අඩංගු වීම හේතුවෙන් එම නිෂ්පාදන නිෂ්පාදනය කරන සහ අලෙවි කරන මෙරට ප්‍රධානතම පෙළේ සමාගම් ත්‍රිත්වයට සහ එහි අධ්යක්ෂවරුන් සය දෙනකුට ලබන නොවැම්බර් මස 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කළේය.
ඒ අනුව සිලෝන් බිස්කට්ස් සමාගමේ අනුබද්ධ ආයතන වන ප්ලෙන්ටි ෆුඩ්ස් සමාගම, මැලිබන් ඩේරි ඇග්‍රෝ පෞද්ගලික සමාගම, සහ මැලිබන් මිල්ක් ප්‍රොඩක්ට්ස් පෞද්ගලික සමාගම් යන සමාගම් තුන මෙම ආහාර විකිණීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට කැඳවා තිබේ.
ඔවුන් විසින් අලෙවි කරන ලද ඉහත සඳහන් නිෂ්පාදනවල තිබිය යුතු අවම මටටමට වඩා ඇෆ්ලටොක්සීන් පවතින බවට චෝදනා කරමින් නඩු පවරා ඇත්තේ ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය මඟිනි.
ඔවුන් 1990 අංක 20 දරණ ආහාර (සංශෝධන පනත ) යටතේ මෙසෙ නඩු පැවරීමට කටයතු කර තිබේ. ඔවුන් විසින් වෙළෙඳපොළේ අලෙවියට තබා තිබූ ආහාර නිෂ්පාදන බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක කාර්යාලයට ලබා දී එමඟින් වාර්තාවක් ලබාගෙන ඇති අතර එම වාර්තාවට අනුව මෙම නිෂ්පාදනවල ඇෆ්ලටොක්සීන් නියමිත ප්‍රමාණයට වඩා වැඩිව ඇති බව තහවුරු කරගෙන ඇත. ආහාරවල සුලබව හමුවන ඇෆ්ලටොක්සින් යනු පිළිකාකාරක විෂ රසායනයකි.
අදාළ රස පරීක්ෂක වාර්තාවට අනුව ලක්පෝෂ නම් නිෂ්පාදනයේ නියමිත අවම පුමාණයට වඩා 26 ගුණයකින් ඇෆ්ලටොක්සීන් පවතින බවට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත්ව ඇත.
එමෙන්ම සමපෝෂ නිෂ්පාදනවල නියමිත ප්රමාණනයට වඩා තුන් ගුණයක්ද යහපෝෂ නිෂ්පාදනවල නියමිත අගයට වඩා අට ගුණයක්ද ඇෆ්ලටොක්සින් පවතින බවට අනාවරණය වී ඇති අතර රජයේ රස පරීක්ෂක කාර්යාලය 1993 ආහාර ලේබල් කිරීමේ විවිධ නියෝග 787 යටතේ මෙම විමර්ශන සිදුකොට ඇත.
මේ ලිපියත් කියවන්න..
බංකොලොත් රටේ බඩගින්නේ හඬන නොදරුවන්ට “පෝෂ“ ලේබලයෙන් වහ කවන හැටි!







