අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඝාතනය වූ නාහිමියන් මිනීමරු චීවරධාරියාව හදාගෙන ඇත්තේ අවුරුදු 05 ඉඳලා..

by editor
සැප්තැම්බර් 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • තරුණ චීවරධාරියාට පන්සලේ වත්කම් සියල්ල අනාගතයේ දී  පැවරෙන විදිහට  නායක හිමියන් සියලු කටයුතු කරලා… ඝාතනය සිදුවී ඇත්තේ තරුණ චීවරධාරියාගේ  පෙම්වතියගේ  පාර්ශවයෙන් සිදුකළ පෙළඹවීමට…

  • පෙම්වතිය ඩුබායිවල… ඝාතනය පසුපස පෙම්වතියගේ මව පියා සහ ඩුබායිවල සිටින ඇයගේ ශ්‍රී ලාංකික හාමුපුතා  සිටින බව හෙළි වෙලා…  ඒ අඹුසැමියන් ආ ගිය අතක් නෑ…

  • කෝටි දෙකකට ආසන්න මුදලකට විකිනූ වැගන් ආර් රථය සහ ඩිෆෙන්ඩර් රථය විකිණූ මුදල් උණ්ඩියල් කර  ඩුබායිවලට ගෙන්වාගෙන දැයි සැකයක්…

සීදුව වෑත්තැවේ ශ්‍රී නන්දාරාම විහාරධිපති නැදගමුවේ මහානාම හිමියන් ඝාතනය කළ තරුණ චීවරධාරියා නායක හිමියන් විසින් හදාවඩාගෙන ඇත්තේ අවුරුදු 05 සිට බවත් ඉදිරියේ දී මෙම   චීවරධාරියාට හිමිවන ආකාරයට පන්සලේ දේපලත් පවරා ඇති බවත්  පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත. ඝාතනය සිදුවී ඇත්තේ පෙම්වතියගේ පාර්ශවයෙන්  සිදුකළ බලපෑම මත බව ද  විමර්ශකයෝ කියති.

එම ඝාතනයට ඔහුගේ පෙම්වතිගේ දෙමව්පියන් සහ  තවත් පුද්ගලයින් දෙදෙනෙක් සම්බන්ධ බව මේ වනවිට පොලිස් විමර්ශකයින් අනාවරණය කරගෙන තිබේ.  අදාල  පුද්ගලයින් හීනටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් එම පුද්ගලයින් මේ වනවිට පලාගොස් සැඟව ඇත.

ඝාතනය හා සම්බන්ධ අනෙක් පුද්ගලයින් දෙදෙනා රැගෙන පැමිණ ඇත්තේ චීවරධාරියාගේ පෙම්වතියගේ දෙමාපියන් බැවින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු එම පුද්ගලයින් හෙළි කරගැනීමට හැකිවනු ඇති බව විමර්ශන නිලධාරීන් විශ්වාසය පල කරයි.

ඝාතනය වූ නන්දාරාම විහාරාධිපති නැදගමුවේ මහානාම හිමි

ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් හෙළි වීම

මෙම ඝාතනයට සම්බන්ධ සෙසු පුද්ගලයින් ගැන තොරතුරු හෙළිදරව් කරගෙන ඇත්තේ ඝාතනයට සම්බන්ධ චීවරධාරියාවන ඒකල සුගතසිරි නැමැත්තා   ඊයේ (15) අලුයම අත්අඩංගුවට ගැනිමත් සමගය.

විහාරාධිපති හිමියන්ගේ  මරණයත් සමග ගෝල චීවරධාරියා සහ පන්සලේ තිබුණු වැගන් ආර් රථය සහ ඩිෆෙන්ඩර් රථය අතුරුදහන් විය.  මේ හේතුවෙන් අධිකරණ නියෝගයක් ගන්නා තුරු  මෙම චීවරධාරියාගේ ඡායාරූපයක් සමග තොරතුරු දන්වා  ගුවන්තොටුපල ආරක්ෂක වෙත දැනුම් දී  තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ බව නොදත් චීවරධාරියා ඊයේ අලුයම 1ට ගුවන්ගත වීමට තිබූ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් EK 949 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා යෑමට පැමිණ ඇත. ඔහු අත්අඩංගුවට පත්වන්නේ 15 වැනිදාට යෙදී තිබුණ ඔහුගේ උපන් දිනය දවසේය.

ගුවන්තොටුපල ආරක්ෂක අංශ ඔහුව අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දීමෙන් අනතුරුව දීර්ඝ ප්‍රශ්න කිරීමකට ලක් කර තිබිනි.

චීවරධාරියාගේ පෙම්වතිය 

මේ චීවරධාරියාගේ පෙම්වතිය ඩුබායිවල රැකියාවක් කරන්නියකි. ඔහු සැලසුම් කර ඇත්තේ ඝාතනයෙන් අනතුරුව ඔහුගේ පෙම්වතිය වෙත යෑමය. ඊට අවශ්‍ය පහසුකම් සලසා ඇත්තේ ඔහුගේ පෙම්වතියය.

ඇය සේවය කරමින් ඉන්නේ ඩුබායි සිටින ශ්‍රී ලාංකිකයෙක් ලඟය. විහාරාධිපති හිමියන් මරා දේපල අත්පත් කරගැනීමට පෙම්වතියගේ දෙමව්පියන් හරහා චීවරධාරියා උනන්දු කර ඇත්තේ මෙම ලාංකිකයා බව විමර්ශන  අංශ හෙළි කරගෙන ඇත.

නන්දාරම විහාරාධිපති හිමියන් මහනකම කරනවාට අමතරව වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක ද  නිරත වී සිට ඇත. ඔහු සතුව විශාල මුදලක් පවතින බව චීවරධාරියා සිය පෙම්වතියට පවසා තිබේ.  මේ පෙම් සම්බන්ධතාවය විහාරාධිපති හිමියන් විසින් දැනගෙ සිට ඇත. විහාරාධිපති  හිමියන්ගේ මුදල් රැගෙන පෙම්වතිය  හා යෑමට සැරසෙන මෙම චීවරධාරියා සමග විහාරාධිපති හිමියන් නිරන්තර ගැටුමක්  පන්සල තුළ ඇති කරගෙන තිබේ. එම ගැටුම සම්බන්ධයෙන් සීදුව පොලිසියට පැමිණිලි රැසක් ද ලැබී ඇත.

නායක හිමියන් ඝාතනය කළ අයුරු

පෙම්වතිය සිය ඩුබායි හාමුපුතාට සිය පෙම්වතා ගැනත් ලොකු හාමුදුරුවන්ගේ වත්කම් ගැනත් හෙලි කිරීමෙන් පසු පන්සල කොල්ලකෑම සඳහා  පෙම්වතියගේ හාමුපුතා විසින් පිරිසක් එවා තිබේ. එය සාර්ථක නොවුන තැන පෙම්වතියගේ මව්පියන් මේ කටයුත්තට මැදිහත් වී ඇත.

හෙළිවී ඇති තොරතුරුවලට අනුව  විහාරාධිපති හිමියන්ගේ ඝාතනය සිදුවී ඇත්තේ පසුගිය 12 දා  දහවල්ය. පෙම්වතියගේ මව්පියන් සහ ඉතිරි පුද්ගලයින් දෙදෙනා උඩුමහලේ සිටි විහාරාධිපති හිමියන්ට පහර දී ගැටගසා සිරකර මුදල් ඉල්ලා තිබේ.

මේ අතර පෙම්වතියගේ දෙමව්පියන් සමග පැමිණි දෙදෙනා මදකට විහාරස්ථානයෙන් පිටතට ගොස් තිබේ. ඒ අවස්ථාවේ දී බැඳ තිබූ බැමි ගලවාගෙන විහාරාධිපති හිමියන් කෑ ගසමින ්පහළ දිව ඇවිත් ඇත.

මේ අවස්ථාවේ දී පහළ මාලයේ සිටි ගෝල හිමියන් සහ අඹුසැමි යුවල පඩිපෙළේදීම හිමියන් අල්ලා පෙරළාගෙන පහළ මාලයේ කාමරයකට දමා කටට රෙදි කැබැල්ලක් ඔබා කෑගසිය නොහැකි සේ ගෙල මිරිකාගෙන ඇත.

කෙසේ වෙත්ත ඒ කෑ ගැසීම අවට ගෙවල්වලට ඇසී තිබේ. ඒ ගැන අවට නිවැසියන් පැමිණ විමසීමේ දී චීවරධාරියා පවසා ඇත්තේ කිසිම ගැටලුවක් නොමැති බවය.

තවත් කරුණක් වන්නේ මෙම විහාරස්ථානය සමග ගම්වැසියන් එතරම් කිට්ටු සම්බන්ධතාවයක් නොපැවැත්වීමය. බිස්නස්කාර හාමුරුනමක් සහ කමකට නැති ගෝලයෙක් සිටින පන්සලක් දායකයින් ආකාර්ශනය කරන්නේ නැත.

කෙසේ වෙතත් හිමියන්ගෙන් ශබ්දයක් පිටනොවන තෙක් ගෙල මිරිකාගෙන සිටි ගොල් චීවරධාරියාට උන්වහන්සේ මියගොස් ඇති බව වැටහී ඇත.

මේ ඝාතනය සිදුවන්නේ තමන්වහන්සේ විසින් අවුරුදු 05 දී පැවිදිකර  උගන්වා සිය දේපල ද ලියා තබා ඇති ගෝලයා අතින් බව විමර්ශන අංශ කියයි. ගෝල චීවරධාරියා අතින් ඝාතනය වන මේ නැදගමුවේ මහානාම හිමියන් කටාන කලාපයේ ගුරු උපදේශකවවරයෙකි.

ඩිෆෙන්ඩර් රථය සහ වැගන් ආර් රථයට සිදුවුන දේ 

පන්සලේ තිබුණු ඩිෆෙන්ඩර් රථය සහ වැගන් ආර් රථය විහාරාධිපති හිමියන් විකිණීම සඳහා ගෙනා වාහනය.  එම වාහන වත්තල පැත්තේ බජී නැමැති වාහන බ්‍රෝකර්වරයෙක් ලවා විකුණා ඇත. එම මග පෙන්වීම කරන්නේ ඩුබායි හි සිටින පෙම්වතියේ හාමුපුතාය. ඩිෆෙන්ඩරය රුපියල් ලක්ෂ 135කටත්, වැගන් ආර් රථය රුපියල් ලක්ෂ 54කටත් අලෙවි කර ඇත. ලක්ෂ 135කට අලෙවි කිරීමට මිල කළ ඩිෆෙන්ඩර් රථය ලක්ෂ 150කට ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කිරීමට බජී කටයුතු කර තිබේ. ඒ ලක්ෂ 15ක කොමිස් මුදලක් ද සමගය.

මේ වනවිට එම වාහනය පොලිසිය භාරයට ගෙන තිබේ.  වැගන් ආර් රථය පිළිබඳව තවම තොරතුරක් නැත. වාහන දෙකම අලෙවි කර ඇත්තේ ව්‍යාජ පැවරුම් ලේඛණ හදාගෙනය.

වාහන අලෙවියන් ලද මුදල උන්ඩියල් ක්‍රමයෙන් ඩුබායිවලට 

මෙම වාහන දෙක අලෙවියෙන් ලද මුදල උන්ඩියල් කර ඩුබායි වෙත ගෙන්වාගෙන ඇති බවට පොලිසිය සැක කරන්නේ එම මුදලට සිදුවූ දෙයක් පිළිබඳව මේ වනතුරුත් තොරතුරක් නොමැති වීම නිසාය.

සැකකාර චීවරධාරියා ගුවන්තොටුපලට පැමිණ ඇත්තේ ආසන්නයේ පිහිටි හෝටල් කාමරයක රැඳී සිටය. ඔහු සමගම ඔහුගේ පෙම්වතියේගේ මිනීමරු දෙමව්පියන් ද සිට ඇත. චීවරධාරියාව ගුවන්තොටුපලට ඇරලවා ඇත්තේත් ඔවුන්ය.

චීවරධාරියා කොටුවීමෙන් අනතුරුව මෙම අඹුසැමි යුවල පලාගොස් ඇත.  ඔවුන් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් චීවරධාරියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර  හෙට (17) දක්වා පැය 48ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කිරීමට  අවසර ගෙන තිබේ.

මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (15) පැවැත්විනි. බාහිර යමක් උපයෝගී කරගෙන නාසය සහ මුඛය වැසීමෙන් සිදුකළ මරණයක් බව එම මරණ පරීක්ෂණය සිදුකළ මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී චානක රණසිිංහ නිගමනය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පරිගණක පද්ධතියේ බිඳවැටීමක්… කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීම තාවකාලිකව නවතී…

Next Post

පොලිසියේ 1282ක් දෙසැම්බර් වනවිට විශ්‍රාම යයි… SDIG 02ක් සහ DIG 08ක් ඒ අතර…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.