චීන රජය විසින් සිය රාජ්‍ය අරමුණු ඉටු කරගැනීම උදෙසා මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන් බලහත්කාරයෙන් යොදා ගනිමින් සිටින බවට එක්සත් ජනපදය පදනම් කරගත් බුද්ධි එකතුවක් අනාවරණය කරයි.
ඒ අනුව ජින්පින් පාලනය විසින් මාධ්‍ය මගින් තමන්ට හිතවාදී සහ චීන මාතවාද ව්‍යාප්ත කිරීමටත් බටහිර රාජ්‍යන් විවේචනය කිරීමටත් ඔවුන්ට එරෙහි මතයක් පැතිරවීමටත් පසුගිය කාලය පුරාවටම කටයුතු කර ඇති බවද එම බුද්ධි එකතුව පෙන්වා දෙයි.
අදාල බුද්ධි එකතුව විසින් සම්පාදනය කළ නවතම වාර්තාව මගින් චීනය ගෙන යන මෙම වැඩසටහන පිළිබඳ සවිස්ථරාත්මක අනාවරණය කර තිබේ. එම වාර්තාව මගින් අනාවරණය කර ඇති අන්දමට බීජිං පාලනය විසින් තම අභිමතයට යටත්ව මාධ්‍ය කටයුතු සිදු නොකරන පාර්ශවයන් දැඩි අඩත්තේට්ම් සිදුකර ඇති බවයි. එම කටයුතු 2019 වර්ෂයේදී විශාල වශයෙන් වාර්තා වී ඇති බවද එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
චීනය මේවන විට සිදුකරන තොරතුරු යුද්ධයට එරෙහිව රටවල් රැසක් කටයුතු කිරීම ආරම්භ කර තිබුනද එම කටයුතු අඩාල කිරීමට චීනය විසින් වඩා ආවේගෂීලි උපක්‍රම අනුමනය කරමින් සිටින බවද එම වාර්තාව මගින් අනාවරණය කරයි.
එහිදී චීන රාජ්‍ය මාධ්‍ය විසින් සිය ප්‍රවත් වැඩි පරාසයට ප්‍රචාරය කිරීමට කටයුතු කර ඇති බවත් එහිදී ඉතා සූක්ෂම උපක්‍රම සැලසුම් සහගතව යොදා ගෙන ඇති බවද අදාල වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර පසුගියදා අනාවරණය වූ පරිදි චීනය විසින් ගල්ෆ් කළාපයේ පිහිටි සිය තානාපති කාර්යාල විසින් විශේෂ කණ්ඩායමක් යොදාගෙන එම කලාපයේ මාධ්‍ය අයාතනයන් සහ මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීමටත් සිය අරමුණු වලට අනුගතවෙමින් කටයුතු කිරීමටත් බලපෑම් කරන බවට අනාවරණය විය.







