ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන USAID ( ජාත්‍යාන්තර සංවර්ධන සඳහා වු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ) පරිපාලක සමන්තා පවර් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ බව ජනාධිපති මධ්‍ය අංශය පවසයි.
මේ වනවිට ජනාධිපතිවරයා සහ පරිපාලකවරිය අතර නිල සාකච්ඡා සිදුවෙමින් ඇති අතර ඇමරිකානු තානාපති ජුලී චන්ග් සහ USAID මාණ්ඩලකි ප්‍රධානී සොනාලි කෝර්ඩේ ද එක් වී සිටී.
දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ සමන්තා පවර් දිවයිනට පැමිණියාය.







