පවතින ආර්ථික අර්බුදය හමුවේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් ගත් තීරණයකට අනුව දැනට බංකොලොත් ව ඇති ආයතන 10ක් ඈවර කිරීරීමට රජය මේ වනවිට අවධානය දක්වා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.එවැනි රාජ්‍ය ආයතන 55ක් අතරින් දැනට බංකොලොත්ව ඇති සහ යළි ගොඩ ගැනීම අසීරු මට්ටමකට පවතින මෙම ආයතන ඈවර කිරීමට ලක් කොට එහි පවති සම්පත් ද්රවශීලතාවකට ලක් කිරීමට ඒ අනුව කටයුතු යොදා ඇත.
මේ අනුව ලංකා රබර් නිෂ්පාදන සහ අපනයන සංස්ථාව, ලංකා සළුසල, රාජ්‍ය වෙළෙඳ තොග සංස්ථාව, ලංකා සිමෙන්ති සංස්ථාව, ලංකා සිමෙන්ති සමාගම, ජනතා පොහොර ව්‍යවසාය සමාගම, ලංකා ෆැබ්රික් සමාගම, නොර්ත් සී සමාගම, සිලෝන් සෙරමික් සමාගම, ලක්දිව ඉංජිනියරින් සමාගම යන සමාගම් මේ අනුව නුදුරේදීම ඈවර කිරීමට ලක්වනු ඇති බව සඳහන් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට මූල්යස්ථායීතාව සම්න්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව අපේක්ෂා කරන යෝජනා අතරටද පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්රතිව්යහගතකරණය කිරීමට අදාළ යෝජනා රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර දැනට ක්‍රියාත්මක වන හඳුනාගත් රාජ්‍ය ව්‍යවසාය 55ක් අතරින් උපායමාර්ගික වශයෙන් වැදගත් ආයතන පහක් පමණක් ප්‍රතිව්‍යුහගතකරණයට ලක කිරීටත් සෙසු ආයතන පෞද්ගකීකරණය කිරීමට හෝ ඈවර කිරීමට ලක් කිරීමට අවධානය යොමු කර ඇති බවත් එම වාර්තාවේ සදහන් වේ.







