යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පහසුකර කාර්යක්ෂමව ඉටු කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් විශේෂ කමිටුවක් පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මෙම කමිටුව ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබේ.
යුද්ධය හේතුවෙන් සරාණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකිකයින් නැවත ගෙන්වා ගැනීම සඳහා ඊලාම් සරණාගතයින් පුනරුත්ථාපනය සඳහා වූ සංවිධානයේ ඉල්ලීම මත ජනාධිපති ලේකම් සමන් අද පැවති සාකච්ඡාවක දී ජනාධිපති ලේකම්වරයා මෙම තීරණය ගෙන තිබේ.
මේ පිළිබඳ ජනාධිපති මාධය අංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.








