ශ්‍රී ලංකාවට අත් වූ ඉරණම තම රටට අත්නොවන බව බංගලාදේශ් අගමැතිනී ෂීක් හසීනා අද සිය ජාතියට පොරෝන්දු වූවාය.
තම රජය සැලසුම් සහගතව රට සංවර්ධනය කරමින් සිටින බැවින් ශ්‍රී ලංකාව වැනි ආර්ථික අර්බුදයකට බංග්ලාදේශයට කිසිදා මුහුණ නොදෙන බව ඇය පැහැදිලි කළාය.
“අපිට බොරු චෝදනා කරලා වැඩක් නැහැ. බංග්ලාදේශය කිසිදා ශ්‍රී ලංකාවට අත්වූ ඉරණමට මුහුණ දෙන්නෙ නෑ. එය එසේ විය නොහැකියි“ ඇය කීවාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කලේ බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ 47 වැනි ගුණානුස්මරණ සංවත්සරය සනිටුහන් කරමින් බංගබන්ධු ජාත්‍යන්තර සම්මන්ත්රණ මධ්‍යස්ථානයේදී සංවිධානය කළ සමරු රැස්වීමක් අමතමිනි.
අවාමි ලීගයේ සභාපතිනිය ද වන හසීනා පැවසුවේ තම රජය රටේ ආර්ථික සංවර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සැලසුම් සහගත ලෙස ක්‍රියාකරමින් කරමින් සිටින බවය.
සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම රටේ ආර්ථික ප්‍රතිලාභය සැලකිල්ලට ගනිමින් සිදුකරන බව ද ඇය පැවසුවාය.
“සෑම සංවර්ධන සැලැස්මක්ම ක්‍රියාත්මක කරන්න අනුමත කරන්නේ එය අවසන් වූ පසු ඉන් රටට සහ ජනතාවට ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි සිතලා. විශාල ව්‍යාපෘතියකින් ලැබෙන විශාල කොමිස් මුදල් ගැන අපි කිසිසේත් සිතන්නේ නැහැ,” ඇය වැඩිදුරටත් පැවසුවාය.
බංග්ලාදේශය නියමිත කාලය තුළ විදේශ ණය ගෙවමින් සිටින බව අගමැතිවරි කීවාය. “අපි සල්ලි ණයට අරන් ගිතෙල් කන්නේ නැහැ. කාගෙවත් ණය උගුලකට වැටෙන තරමට අපේ ණය ප්‍රමාණය වැඩි නැහැ,” ඇය පැවසුවාය.
කෙසේ වෙතත්, 2001-2006 බීඑන්පී පාලන සමයේදී බංග්ලාදේශයට ශ්‍රී ලංකාව වැනි තත්වයකට මුහුණ දීමට සිදු වූ නමුත් ඇගේ රජය එම ව්‍යසනයෙන් රට බේරාගත් බව ඇය පැවසුවාය.
(Dhaka Tribune)







