ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ලබා ගැනීමට අපේක්ෂිත ණය මුදල මේ වසර අග වනවිට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වෙත පවසා තිබේ.
සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව ජාත්‍යාන්ත මූල්‍ය අරමුදලට සහතිකයක් ලබා දිය හැකිදැයි යන්න පිළිබඳවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව ණය තිරසර භාවයක් ඇති කළ හැකිද යන්න පිළිබඳවත් බ්ලූම්බර්ග් කරන විමසීමක දී මහබැංකු අධිපතිවරයා පවසන්නේ දේශීය ණය ඉලක්ක සපුරා ගැනීමේ ගැටලුවක් නොදකින බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව තත්ත්වය කළමනාකරණය කරගැනීමට හැකියාවක් ඇති බවත්ය.
බාහිර ණය හිමියන් සියල්ල ශ්‍රී ලංකා රජයේ ණය කළමනාකරණ ක්‍රමෝපාය සඳහා එකඟවන්නේ නම් ඉදිරි මාස තුන හෝ හතර තුළ ණය ලබා ගත හැකි බව මහ බැංකු අධිපතිවරයා පවසන්නේය. එහෙත් සියල්ල රඳා පවතින්නේ බාහිර ණය හිමියන් ශ්‍රී ලංකාවට සහාය දක්වන ආකාරය සහ සාකචඡා පැවැත්වෙන ආකාරය මත බව ඔහු පෙන්වා දෙන්නේය.
ඇමරිකානු ඩොලර් බිලියන 03ක මුදලක් ශ්‍රී ලංකාව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරයි. ඒ සඳහා කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවයක් ඇති කරගැනීමට දිවයිනට පැමිණීමට නියමිත ජත්‍යාන්තර මූල්‍ය අරමුදලේ සාමාජික පිරිසගේ අපේක්ෂාව වී තිබේ.







