ලලිත් චාමින්ද –
ඇඳ ඇතිරිල්ලකින් ඇඳ විට්ටමේ එල්ලි ගෙල වැළලාගෙන මියගොස් සිටි එංගලන්ත ජාතිකයෙකුගේ මළ සිරුරුක් ගාල්ල හිනටිගල ප්රදේශයේ විලා එකක තිබියදි ඊයේ (06) සොයාගත් බැව් හබරාදුව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ 54 හැවිරිදිවියේ පසුවු එංගලන්ත ජාතිකයෙකි..
මෙම එංගලන්ත ජාතිකයා හිනටිගල ප්රදේශයේ විලා එකක තනිව පදිංචිව සිට ඇත. ඔහු වසර 13 ක පමණ කාලයක සිට වරින්වර එංගලන්තයට ගොස් යලි මෙරටට පැමිණ මෙහි පදිංචිව සිට ඇත. අවසන්වරට ඔහු මීට වසර 02කට පමණ ඉහතදි එංගලකන්තයට ගොස් මෙරටට පැමිණ ඇති බව පොලිසිය පවසයි.
මෙම විදේශිකයා ඇඳ විට්ටමේ වියලෙහි ඇද ඇතිරිල්ලකින් එල්ලි ගෙළ වැළලාගෙන සිටි බව මූලික විමර්ශන වලදි අනාවරණය වි ඇත.
විදේශිකයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇත. හබරාදුව පොලිසිය පරික්ෂණ පවත්වයි.







