බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට පටලවන්නට හැදූ ගුවන් හමුදා සෙබලාගේ බොරුව හෙළි වෙයි….

by editor
ජූලි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

නිවාඩු ගොස් ආපසු කඳවුරට එමින් සිටියදි තමා වෑන් රථයකින් පැහැරගෙන ගොස් අත් පා ගැටගසා ගසක බැඳ පහර දී මරා දමන්නට හැදූ  බව  කියමින් රට පැටලවන රඟපෑමක් කරන්නට ගිය ගුවන් හමුදා කෝප්‍රල්වරයෙක් අද ( 28 )   අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය කියයි. .

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 33 වයසැති වල්පනේ, මානිල්වල, නිකවත්ත ලිපිනයේ පදිංචි එම්.ව‍යි.ජි.ආර්.එම්. නදීක පද්මලාල් රත්නසූරිය නැමැති අයෙකි.

ඔහු මඩකලපුව ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන  කෝප්‍රල්වරයෙකු ලෙසද පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

මෙම  ගුවන් හමුදා කෝප්‍රල්වරයා චාලච්චේන රිදීතැන්න ප්‍රදේශයේ ගස්ක බැඳ සිටියදී  අද ( 28 )   උදෑසන ප්‍රදේශවාසීන් විසින් දැක තිබිණි.

පසුව  වාලච්චේන පොලිසිය දැනුවත් කිරීමෙන් පසු ඔහු වාලච්චේන රෝහලට ඇතුළත්  කර ඇත. මෙම පුද්ගලයා අසල දෙමළ භාෂාවෙන් ලියූ පුවරුවක් තිබී ඇත. 

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“රජයට සහාය දැක්වුවහොත් උඹට මේ වගේ වැඩ තමයි වෙන්නේ “ ලෙස එම පුවරුවේ ලියා තිබිණි.  අරගලකරුවන් හමුදා සාමාජිකයන්ට පහර දීම ආරම්භ කර ඇතැයි ආණ්ඩු හිතවාදීහු මේ සිද්ධිය ගෙන හැර දක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාන්විතයක් මේ අරත ආරම්භ කර තිබිණි.

මෙම පුද්ගලයා පවසා තිබුණේ  නිවාඩු ලබා ගොස් මහියංගන හරහා මනම්පිටිය මඩකලපුව හන්දියට පැමිණීමෙන් පසු ඊයේ ( 27)  රාත්‍රී 07:00 ට පමණ වෑන් රථයකින් පැහැරගෙන ගොස්   පහරදී අත් පා ගැට ගසා ගෙලේ තොණ්ඩුව දමා මෙම පුවරුවද එල්ලා අපරාධකරුවන් ක පලාගිය බවය.

තමන් සන්තක තිබූ රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ද කොල්ලකරුවන් පැහැරගෙන ගොස් ඇති බව ඔහු කීවේය. එම මුදල සොයා ගත්තේ තමන්ගේ මාලය උකස් කර බවත් හෙතෙම පැවසුවේය.

මෙපමණ මුදලක් කුමක් සඳහා දැයි විමසූ විට ඔහු පවසා තිබුණේ  මුදල් හදිසියක් නිසා කඳවුරේ මිතුරන්ගෙන් ලබා ගත් ණය මුදල් පියවීමට මෙම මුදල් ලබා ගත් බවය.

හමුදාවට බලපෑම් සිදුකරන ආකාරයේ මුහුණුවරක් සහිතව මතුවුන මේ සිද්ධියට සමාජ මාධ්‍ය ඔස්සේ පුලුල් ප්‍රසිද්ධියක් ලැබෙමින් ඇති අවස්ථාවේ දී  රෝහල්ගත කළ මෙම පුද්ගලයාගෙන්  පොලිසිය ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කළේය.

දෙමළ බසින් ලියූ පුවරුව…

එහිදී  මතුවු සැකය පිට  පොලිසිය මුලින්ම ඔහු අසලින් හමුවූ පුවරුවේ ඇති දෙමළ වැකිය ගැන විමසා බැලුවේය.  එම වැකිය නිරීක්ෂණය කළ විමර්ශකයන්ට මුලින්ම වැටහුනේ එය ලියා ඇත්තේ දෙමළ භාෂාව සම්බන්ධ පරිචයක් නොමැති පුද්ගලයෙක් බවය.

අනතුරුව ඔහු පැමිණි ගමන් මාර්ගයේ මහියංගනයේ දී බසයෙන් බැසගත් ස්ථානය අවට සීසීටීවී දර්ශන පරීක්ෂා කරනවිට ඔහු බසයෙන් බැස වෙළෙඳසලක් වෙත යන ආකාරයත්, එහි ගොස්  කාඩ්බෝර්ඩ් බෝඩ් එකක් සහ කඹයක් මිලදී ගන්නා ආකාරයත් විමර්ශකයන්ට නිරීක්ෂණය වී ඇත.

එමෙන්ම ඔහු පැහැරගත් බව කියන මනම්පිටිය මඩකලපු හන්දියට නුදුරින් ඉන්ධන පිරවුම්හලක් ඇත. ඒ අවට  රාත්‍රී 7 පමණ වනවිට ජනාකීර්ණය. ඒ වැසියන්ගෙන් හෝ අසල ඇති හමුදා මුරපොලේ රහසිගතව ස්ථාපිතව ඇති සීසීටීවී දර්ශන වලින් ද ඔහු කී ආකාරයේ වාහනයක් නිරීක්ෂණය වී තිබුණේ නැත.

හමුවූ ආකාරය

මේ සියල්ලම අතර විමර්ශකයන් මෙම පුද්ගලයාගේ නිවසට කතා කර විමසා ඇත්තේ නිවසේ ඇති ආර්ථික ප්‍රශ්න ගැනය. මෙම පුද්ගලයාගේ බිරිය පවසා ඇත්තේ එවැනි බරපතල ආර්ථික ප්‍රශ්නයක් නොමැති බවය.

මේ සියලු තොරතුරු එක් රැස් කරගත් විමර්ශන කණ්ඩායම මෙම හමුදා පුද්ගලයාට දන්වා ඇත්තේ තව දුරටත් බොරු කියා පලක් නැති බවත් දැන් සියල්ලම විමර්ශකයන් දන්නා බවත්ය. එබැවින් තවදුරටත් අමාරුවේ නොවැටී ඇත්තම පවසන ලෙස ඔහුට උපදෙස් දී ඇත.

එහිදී මෙම හමුදා ගුවන් හමුදා සෙබලා පවසා ඇත්තේ  තමන්  දැඩි ලෙස අන්තර්ජාල ක්‍රීඩාවකට ඇබ්බැහි වී ඇති බවය. මාලය උකස් කර ලබා ගත් මුදලත් එම සූදු ක්‍රීඩාව සඳහා වියදම් කර පැරදුන පසු සිය දිවි හානි කරගැනීමට සිතූ බවත් තමන් සියදිවි නසා ගතහොත් ලැබෙන දීමනා බිරියට නොලැබෙන නිසා මේ ආකාරයට සියල්ල සැලසුම් කළ බවය.

සියදිවි නසා ගැනීමට   වාලච්චේන රිදීතැන්න ප්‍රදේශ්යට පැමිණ     ටික වෙලාවක් යනවිට සිය දිවි නසා ගන්නේ කුමක් නිසාදැයි තමන්ගෙන්ම විමසා සිදුකරන්නේ කුමක් දැයි කල්පනා කරමින් රැය පහන් කළ බවත් බිරිය සිහි වීම නිසා සිය දිවි නසා ගැනීමේ තීරණය මුලුමනින්ම ඉවත් කළ බවත් ඔහු පවසා තිබිණි.

සිද්ධිය පිළිබඳ වාලච්චේන පොලිසිය තවදුරටත් විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොර මැර දූෂණ සහිත මන්ත්‍රීවරුන්ගේ  මන්ත්‍රී ධූර අහෝසි කරන්න මැතිවරණ කොමිසමෙන් යෝජනාවක්…

Next Post

මධ්‍යම පළාත් එස්.ඩී.අයි.ජී. ගේ තෙල් කොන්ත්‍රාත් එකක් කරන්න ගිය එස්.අයි ට එරෙහි විමර්ශනයක්!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.