දිනසේන රතුගමගේ –
තලෙයිමන්නාරමෙන් මුහුදු ගොස් සිටියදී බෝට්ටුව අබලන් වීමෙන් මුහුදට වැටුණු ධීවරයින් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගත් ඉන්දියානු ධීවරයින් පිරිසක් ඔවුන් දෙදෙනාව ඊයේ ( 17 ) දා නාවික හමුදාව වෙත බාර දී තිබේ.
ඉතිරි ධීවරයා මහ මුහුදේ ගිළී අතුරුදහන් වී ඇති අතර ඔහු පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.
මෙම ධීවරයින් තුන් දෙනා ෆයිබර් බෝට්ටුවක ආධාරයෙන් මුහුදු ගොස් ඇති අතර හදිසියේම බෝට්ටුව අබලන් වී එය මුහුදු බත් වීමට ගිය අවස්ථාවේදී ධීවරයින් තුන් දෙනාම මුහුදට වැටී තිබේ.
ඉන් දෙදෙනෙකු බෝට්ටුවේ එල්ලී කෑ ගැසු අවස්ථාවේදී ටෝලර් යාත්‍රාවකින් මසුන් මැරීමට පැමිණ සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් එම ධීවරයින් දෙදෙනාව බේරා ගෙන ඇත.
තලෙයිමන්නාරම නැගෙනහිර කේබල් හවුස් ප්‍රදේශයේ පදිංචි රජි ජෙනාත් ( 27) සහ රාජ මූර්ති මොහාන්රාජ් (50) යන ධීවරයින් දෙදෙනා බේරා ගෙන ඇති අතර එම ප්‍රදේශයේම පදිංචි රාසදුරෙයි රාජසේකර (52) නැමති ධීවරයෙකු අතුරුදන්ව ඇත.
මේ සම්බන්ධයෙන් නාවික හමුදාව හා තලෙයිමන්නාරම පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.







