පාස්කු ප්‍රහාර සිද්ධියට මෙන්ම මැයි 09දා අරගල භූමියට ප්‍රහාර එල්ල කිරිමේ සිද්ධි සම්බන්ධව චෝදනා ලැබ සිටින, පසුගිය වකවානුවේ රාජපක්ෂවරුන්ගේ සියලු අවශ්‍යතා ඉටු කිරීමට නීතිය අවභාවිත කළ බව කියැවෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් තවත් සහකාර පොලිස් අධිකාරීවරයෙක් සමග ගොස් වැඩ බලන ජනාධිපතිවරයාගේ අතිශය සමීප දේශපාලකයෙක් රහසේ හමුවී ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.
දේශපාලකයා හමු වී ඇති මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත්තේ මේ වනවිට තමන් වෙත එල්ල වී ඇති චෝදනා සම්බන්ධ සිද්ධි දාමයෙන් තමන් මුදවා දෙන ලෙසය. අදාල දේශපාලඥයාගේ පාර්ශවයේ ඕනෑම දෙයක් කරදීමට තමන් සූදානම් බව ද ඔහු දන්වා ඇත.
එමෙන්ම දැනට පොලිසිය භාර ඇමතිවරයා උපරිම වගකීමකින් ස්වකීය කාර්ය ඉටු කර ඇති බැවින් නව ආණ්ඩුවක් යටතේ ඔහු වෙතම එම වගකීම පවරන ලෙස ද ඉල්ලා තිබේ.
මෙම පොලිස් ප්‍රධානියා දේශපාලන බල හුවමාරුවල දී පැති මාරු කරමින් දේශපාලකයන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර සිය ගමන ස්ථාවර කරගත් තැනැත්තෙක් බව කියැවේ.
ඔහු රහසේ හමුවී ඇති ජනාධිපතිවරයාගේ සමීපතම දේශපාලඥයාට තමන් සහකාර පොලිස් අධිකාරීවරයෙක්ව සිට කාලයේ සිට අඛණ්ඩව වාර්ෂිකව රඹුටන් කූඩ ප්රදානය කරන බවට පොලිස් දෙපාර්තමේන්තුව තුළ කතාවක් ඇතැයි පැවසේ.







