නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද ආරම්භ වූ අතර, එහිදී කතානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කරන ලද දිවුරුම පහත දැක්වේ.
“මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද ශ්‍රී ලංකාවේ දේශය තුළ, වෙනම රාජ්‍යයක් පිහිටුවීමට කෙලින්ම හෝ අන්‍ය ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටතදී ආධාර දීම, අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යෙදවීම ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවට ද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි.”
මෙම දිවූරුම ප්‍රකාශයට පත්කොට සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම තම නම සහ අත්සන සහිත ලේඛනය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දීම සිදුකෙරිණි.