කීර්ති ප්රනාන්දු –
හසලක සමූපාකාර පිරවුම්හල ඊයේ රාත්රියේ ඇති වූ ගින්න සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිසිය කියයි.
ගින්නෙන් ඉන්ධනලේ ගොඩනැගිල්ල මුලුමනින්ම දැවී විනාශ වී තිබිණි.
ගින්න හටගෙන ඇත්තේ පොලිසිය හා හමුදාව පිරවුම්හලට ආරක්ෂාව ලබා දෙමින් සිටිය දී බව වාර්තා වේ.
ඉන්ධනහලේ කළමනාකාරවරයා ගොඩනැගිල්ල තුළ සිට කරගඳක් එන බව කියමින් ඉවතට ආ බවත්. එම අවස්ථාවේ දී පොලිසිය එම ස්ථානයට යන විට ගිනි ගැනීම ආරම්භ වී තිබුණ බවත් පොලිසිය කියයි.
දැඩි උත්සාහයක් ගත්ත ද ගින්න පාලනය කරගැනීමට නොහැකි වී තිබේ. ඉන්ධන හලේ ගොඩනැගිල්ල තුළ තැන්පත් කර තිබූ සාම්පල් ඉන්ධන බෝතල්වලට ගිනි ඇවිලීමෙන් මෙම ගින්න පැතිරී යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
විමර්ශන ක්රියාත්මක වී ඇත.







