හෙට (09) දිනයේ කොළඹ දක්වා දුම්රිය ධාවනය නොවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න.
කොළඹ පොලිස් කොට්ඨාස 06ක් තුළ ඇඳරි නීතිය ක්‍රියාත්මක කර ඇති බැවින් මෙම තීන්දුව ගත් බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.
කෙසේ වෙතත් අද (08) රාත්‍රී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ, කිසිදු දුම්රිය වර්ජනයක් මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බවය.
දුම්රිය අවලංගුවීමක් සිදුවුවහොත් එය සිදුවන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හේතුවෙන් බවත් සංගමය කියා සිටියේය.









