කොළඹට ඇතුළුවන සියලුම ප්රවේශ මුර කපොලු දමා වසා දමා හමුදා සහ පොලිස් ආරක්ෂාව යොවදා ඇති බව වාර්තාවේ.
කොළඹ වැඩි ජනගහණයක් සහිත වතු සහ පැල්පත් නිවාස, මහල් නිවාස ආශ්රිතව දැඩි හමුදා ආරක්ෂාවක් යොදවා එම පිරිස් රැඳී සිටින ස්ථානවලින් මහ පාරකට පැමිණිය නොහැකි සේ ආවරණය කර තිබේ.
ආරක්ෂක ආරංචි මාර්ග පවසන ආකාරයට මේ වනවිට කොළඹ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයාගේ සිට ප්රාදේශීය සභා මන්ත්රීවරයාගේ නිවෙස් දක්වා සෑම නිවසකටම හමුදා සහ පොලිස් ආරක්ෂාව යොදවා ඇත.
මීට අමතරව විශේෂිත ප්රභූ නිවාස රැසකට ද ආරක්ෂාව යොදවා තිබේ.
වාර්තා වන පරිදි ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ගේ නිවාසවල මේ වනවිට එකම නියෝජිතයෙක් හෝ රැඳී නැත.
ඔවුන් නිවෙස් හැර ගොස් ඇති අතර සමහර අයෙක් විදෙස් ගත වී සිටී, තවත් අයෙක් ඉන්නා තැන ප්රකාශ නොකරන බවත්, අයෙක් දුරකථන පවා විසන්ධි කරගෙන සිටින බවත් වාර්තා වේ.
ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයෙන් පිටවී ගොස් ඇති අතර අගමැතිවරයා ද තමන්ගේ කොළඹ හත මල් පාර නිවසින් පිටවී ගොස් ඇත.







