වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට ගෙවිය යුතු වැටුප් සහ දීමනා මේ වසරේ ජූලි 10 වැනිදාට පෙර ගෙවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (08)අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබේ.
කාන්තාවන් වඳ භාවයට පත් කළේයැයි සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනයට තුඩු දුන් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ගොනු කළ රීට් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ අමාත්‍යාංශය අධිකරණය වෙත මෙම ප්‍රතිඥාව ලබා දුනනේය.
ඔහුට අදාල සියලුම දිමනා සහ වැටුප් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට අනිවාර්ය නිවාඩු කාලය සඳහා ගෙවිය හැකි බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්යක්ෂ ජනරාල්වරයා මීට පෙර අධිකරණයට දන්වා තිබුණි.
මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව ඉදිරියේ පැවැත්වෙන මූලික පරීක්ෂණයට සහභාගී වීමට පෙත්සම්කරු කැමැත්ත පළ කර තිබේ.
ඒ අනුව මෙම කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ විනිසුරු ධම්මික ගනේපොල යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම්කරු විසින් එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට ගත් තීරණයෙන් පසු එය අවසන් කිරීමට තීරණය කළේය.
කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන නාරිවේද වෛද්‍යවරයකු වන පෙත්සම්කරු කියා සිටියේ සාධාරණ හේතුවක් නොමැතිව සහ නීත්‍යානුකූල බලයකින් තොරව තමන් අත්තනෝමතික ලෙස සහ නීති විරෝධී ලෙස තම රැකියාවෙන් අනිවාර්ය නිවාඩු යවා ඇති බවය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව, කුරුණෑගල ශික්ෂණ රෝහලේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය ඒ.එම්.එස්.වීරබණ්ඩාර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්.මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්නගේ නම් මෙම පෙත්සමේ වග උත්තතරකරුවන් ලෙස නම් කර තිබුණි.
පෙත්සම්කරු පැවසුවේ තමා කාන්තාවන් වඳභාවයට පත් කරන බව කියන ද්වේෂ සහගත සහ වාර්ගික ආරෝපණය කරන ලද ව්‍යාපාරයක ගොදුරක් බවය.
රජයේ අධිනීතිඥ මේධාකා ප්‍රනාන්දු සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.
ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා, නීතිඥ පුලස්ති රූපසිංහ, හෆීල් ෆාරිස් පෙත්සම්කරු වෙනුවෙන් සංජීව කළුආරච්චිගේ උපදෙස් මත පෙනී සිටියහ.







