21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදත් කැබිනට් අනුමැතිය ලැබී නැත.
දෙවන වරටත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් මෙම කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළත් ඊට තවත් යෝජනා එක් කර ලබන කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට තීරණය වී ඇත.
දේශපාලන පක්ෂ සහ වෘත්තික කණ්ඩායම් තවමත් සිය යෝජනා ඉදිරිපත් කරමින් ඇති බැවින් මෙම යෝජනා සියල්ල සැලකිල්ලට ගෙන සකස් කරන අවසන් කෙට්ම්පතක් ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබී තිබේ.
21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ද්ව්ත්ව පුරවැසියෙකු පාර්ලිමේන්තු අසුනක් දැරීමට නොහැකි බවටවන යෝජනාව හේතුවෙන් පොහොට්ටුව තුළ ඇතිවී ඇති විරෝධය තීරණාත්මකව මතුවෙමින් ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. මෙම ප්‍රමාදයට එම ප්‍රතිරෝධයත් බලපා ඇති බව දැනගන්නට ඇත.







