දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාල භූමියට පිටස්තරින් පමිණි මැරයින් පිරිසක් විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමත් සමගම විශ්ව විද්‍යාල භූමිය තුළ ඊයේ (5 ) රාත්‍රී දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් එදින රාත්‍රියේ උත්සවයකට සහභාගී වෙමින් සිට ආපසු නේවාසිකාගාරවලට යාමට සූදානම් වන අවස්ථාවේදී මැර ප්‍රහාරය එල්ල වී තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශ හා සිසුන් විසින් පහර දීමට පැමිණි මැරයින්ගෙන් දෙදෙනෙකු අල්ලා යාපනය කෝපායී පොලීසියට බාර දී ඇති අතර පොලීසිය ඔවුන්ව රැගෙන ගොස් ප්‍රකාශ ලබා ගෙන තිබේ.
පොලීසිය පවසන්නේ ඔවුන් දෙදෙනා දැඩි ලෙස බීමත්ව සිටි බවයි.
ඔවුන් මේ පහර දීම සදහා පැමිණියේ මන්දැයි යන කාරණය සම්බන්ධයෙන් කෝපායී පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.







