ටිබෙටයේ බෞද්ධ මර්දනය මේ වන විට උත්සන්න වෙමින් පවතින අතර චීනය ලාසා හි පාලනය ලබා ගැනීම සඳහා නිරන්තරයෙන් ටිබෙට් වැසියන්ට ප්රහාරයන් එල්ල කරමින් සිටින බව වාර්තා වේ.
මේ වසරේ ජනවාරි මාසයේ දී ටිබෙට් ස්වාධීන ප්‍රාන්තය විසින් ඩ්‍රාගෝ හි අඩි 99ක් උස පිළිමයක් හා ටිබෙට් වන්දනාකරුවන්ගේ සාම්ප්‍රදායික යාඥා රෝද 45ක් විනාශ කර දමන ලදී. මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්රවෘත්ති පතුරනවා යැයි පවසමින් ටිබෙට් ජාතිකයන් 11 දෙනෙකු චීන බලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් කම්කරු කඳවුරුවලට ගෙන ගොස් ඇති බව ටිබේට් වර්තා සඳහන් කරයි.
ඉන්පසු ටිබෙටයේ බෞදධ ශාස්තෘවරයකු වන ‘පද්මාසම්බව්’ (ගුරු රින්පෝචේ) ගේ පිළිමය ද විනාශ කර තිබිණි. එය ද නිර්මාණය කර තිබුණේ ඩ්‍රාගෝ ප්රාන්තයේය. ටිබෙට් මාධ්‍යය වාර්තා කර තිබුණේ සිචුවාන් පළාතේ සිටින චීන බලධාරීන් එම විනාශයන්ගේ වගකීම බාර ගන්නා ලෙසට බෞද්ධ භික්ෂූන්ට බල කර ඇති බවයි.
මේ වන විට මෙම තත්ත්වය ටිබෙටයේ පොදු ප්‍රශ්නයක් වි ඇති අතර ටිබෙට් දේශපාලකයින් චීන සිරකරුවන් වීම ද වැඩි වී තිබේ. මෙලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට දැඩි වදහිංසා කොට කෙටි කලකින් නිදහස් කළත් වැඩි දෙනෙකු සිරේදීම ජීවිත අහිමි වන්නේ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයනිවත් නොදැනමය.
මීට අමතරව ටිබෙට් ජාතික ලේඛකයින් ද අත්අඩංගුවට ගන්නේ ටිබෙට් ආගම සේම භාෂාව ද අනතුරක හෙලමිනි.







