අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාගෝගම ගැන හොයන්න අගමැතිගෙන් කමිටුවක්! ප්‍රධානියා රුවන් විජේවර්ධන

by Lankasara News
මැයි 14, 2022
in පුවත්
Ranil Wickramasiinghe
Share on FacebookShare on Twitter
  • මිත්‍ර රටවල් සමඟ කළ සාකච්ඡා සාර්ථකයි
  • ඉදිරි මාස කිහිපය අතිශය අමාරු වේවි – ඒගැන විස්තර හෙට කියන්නම් !

ගාලු මුවදොර ගෝඨාගෝගමේ කටයුතු සොයා බැලීමට හිටපු අමාත්‍ය රුවන් විජේවර්ධනගෙන් ප්‍රමුඛ කමිටුවක් පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අද පස්වරුවේ මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව ගෝඨාගෝගම ආරක්ෂා කිරීමට තමන් පියවර ගන්නා බවත් එහි පූර්ණ පාලනය එහි සිටින තරුණ ප්‍රජාවට භාරදෙන බවද හෙතෙම පැවසීය.මෙහිදී ගෝඨාගෝගමේ කටයුතුව අවශ්‍ය සහය ලබාදෙන ලෙස කොළඹ නගරාධිපතිනියටද දැනුම් දුන් බවද ඔහු එහිදී සඳහන් කළේය. අගමැතිවරයාට අනුව මෙම කමිටුවට නාගරික සංවර්ධන අධිකාරියේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ, පොලිසියේ සහ යුද හමුදාවේ සාමාජිකයකුද ඇතුලත්‍ වේ.

අග්‍රාමාත්‍යවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේ දැක්වෙයි

මිත්‍ර රටවල් ගණනාවක තානාපතිවරුන් හා අනිත් නියෝජිතයින් සමඟ මම ඊයෙත් අදත් සාකච්ඡා කළා. එහි ප්‍රතිචාර හොඳයි. ඒත් අපිට සිදුවෙනවා ඒ රටවල් වලට අපිට අද තියෙන තත්ත්වය දැනුම් දීලා මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරලා අදාල ගිවිසුම් වලට ඇතුළු වෙන්න.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඉන්දියාව වගේ රටවල් එක්ක ඒවගේ වැඩකටයුතු දැනටමත් ආරම්භ කරලයි තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ වැඩකටයුතු අවසන් කරන්න මාස දෙකක් තුනක් යයි. ඊට පස්සේ මධ්‍යම කාලීන හා දීර්ඝ කාලීන අනාගතය සුබ අතට හැරෙන්න ඉඩ තියෙනවා.
ඉතින් විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟත් ඒ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒත් ඒවගේම අපි දැන් යන විදිහට ඊළඟ සති කිහිපයේදී තමයි අපිට අමාරුකම් වලට මුහුණ දෙන්න තියෙන්නේ.

ඊයෙත් අදත් විශේෂයෙන්ම ආර්ථික තත්ත්වය, අපේ ඉන්ධන තත්ත්වය, පෙහොර තත්ත්වය හැම එකක් ගැනම සමාලෝඡනය කළා. ඒ සමාලොඡන වලදී පෙනෙන්නේ අපට සූදානමක් නොතිබුණු නිසා අපිට යම්කිසි හිඟයකට ප්‍රශ්නය වලට මුහුණ දී තිබෙනවා කියලයි.
ඉතින් අපි ඇත්ත වශයෙන්ම ඊළඟ සති කිහිපය තුළදි තමයි අපිට අමාරුම කාලය එන්නේ.

ඒ ගැන මම හෙට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් මට විශ්වාසය තියෙනවා අපිට මේ ගමන එකට ගිහින් මේ ආර්ථික හානියෙන් අපිට ගොඩ එන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම මේ රටේ ඇතිවෙලා තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා තරුණ හඬක් ඇතිවෙලා තියෙනවා.

ඒ තරුණ හඬ විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නේ අපිට වෙනසක් ඕනේ කියලයි. ඉදිරියට යන්න ඕනේ කියලයි. මේ තරුණ හඩේ සංකේතය තමයි ගෝඨාගෝගම. අන්න ඒ ප්‍රදේශය ගැනත් මම පියවර කිහිපයක් අරගෙන තියෙනවා.

මම ප්‍රකාශ කරලා තියෙන්නේ අපි ගෝඨාගෝගම ඉවත් කරන්නේ නැහැ කියලයි. ඒක අපි ආරක්ෂා කරනවා. ඒ නිසයි ඒ වැඩකටයුතු ඉදිරියට ගෙනියන්න මම රුවන් විජේවර්ධන හිටපු අමැතිතුමා පත්කළා, නගර සභාවේ උදව් සඳහා නගරාධිපතිතුමියත් ඒ සමඟම මේ භූමිය අයිති නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයෙකුත්, සෞඛ්‍ය අමාත්‍යශයේ නියෝජිතයෙකුත් සාමය අරක්ෂා කිරීමට පොලිසියේ නියෝජිතයෙකුත් හමුදාවේ නියොජිතයෙකුගෙනුත් සමන්විත කොමිටියක් පත්කරලා තියෙනවා.

මේ සියලු දෙනා එක්කම සාකච්ඡා කරලා වුවමනා පියවර ගන්නත් ඒ ප්‍රදේශය ආරක්ෂා කරන්නත්. ඒ වගේම වුවමනා මූලික සේවා සපයලා දෙන්නත් පියවර ගන්නවා.ගෝඨාගෝගම පාලනය කරන්න ඕනේ එතන ඉන්න කණ්ඩායම මිසක් ආණ්ඩුව නෙමෙයි. අපිට තියෙන්න ඒකට සහය දෙන්න. ඒ එක්කම අපි තව කණ්ඩායමක් පත්කරලා තියෙනවා ගෝඨාගෝගමේ යෝජනා ඉදිරිපත් කරන්නත් තරුණ හඬ කොහොමද ආණ්ඩුවට එකතු කරගන්නේ කියලත් සොයා බලන්න. ඒ වගේම ඒ අයගේ යොජනා අටක් එවලා තියෙනවා.
මම ඒවා ගැනත් සාකච්ඡා කරන්න කැමතී. ඒ වගේම ඊට අදාලව අපි වෙනම වෙබ් අඩවියක් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ඔබ ගෙනියන උද්ඝෝෂණයට කවුරුවත් හානි කරන්නේ නැහැ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිවාස ගිනි තැබූ මන්ත්‍රීවරුන් 55කට තලවතුගොඩින් ගෙවල්… මහින්දටත් ගෙයක්!

Next Post

නියෝජ්‍ය කතානායක තෝරන්න ආයෙත් ඡන්දයක්… අපේ ආණ්ඩුවට බහුතරය තියනවා… පොහොට්ටු මහ ලේකම් කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.