අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එරියාව හරිපුදුම ඉස්කොලේ විස්මිත ගුරුතුමා අසරණව ලෙඩ ඇඳේ ඉඳ දරුවන්ගේ දෙමාපියන්ට කී කතාව!

by editor
අප්‍රේල් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අපේ කාලයේ විශිෂ්ටම දිසාපාමොක්වරයා ලෙස ජාතිය ඉදිරියේ  අසීමිත ගෞරවයට හා ආදරයට ලක්වූ  අමිල ප්‍රසාද් ජයසේකර හෙවත්  “එරියාවෙ අමිල සර්“ මරණයේ අඳුරු සෙවැනලි  අතර ජීවිතය සමග පොර බදමිනි.

අමිල ප්‍රසාද් ජයසේකර යනු  වන අලි ගහන කැලෑවක හුදකලා වූ එරියාව නැමති දුර්ග පාසල ලංකාවේ විශිඨතම ශිෂ්‍යත්ව  ප්‍රතිඵළ ගෙනා “හරි පුදුම ඉස්කෝලය“  බවට පත් කළ තරුණ ගුරුවරයාය.

අමිල ප්‍රසාද් ජයසේකර

අප විශ්වාස කරන අකාරයට මේ රට අමිල ගැන දන්නේය.

ස්ටැනයින් පරිමාණ දර්ශකයට අනුව ඒරියාව ප්‍රාථමික පාසල  වර්ෂ 2016 දී හා වර්ෂ 2019 දී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින්  දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේත්,  වර්ෂ 2017 -2018 වසරවල දෙවන ස්ථානය හිමි කරගත්තේත් මේ විශ්මිත ගුරුතුමා නිසාය.

එරියාව කනිෂ්ට විද්‍යාලය  මහව අධ්‍යාපන කලාපයේ වන අලි ගහන අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි  කුඩා පාසලකි.  එය  දුගී ගැමියන්ගේ දරුවන් අධ්‍යාපනය ලබමින් සිටිය දී  වැසී ගොස් තිබිණි. උපාධිධාරී ගුරුවරයෙක් ලෙස තමන් පළමු පත්වීම ලද දුගී පාසල ස්වකීය විදුහල්පතිවරයා හා එක්වී   ලංකාවේ හොඳම ප්‍රතිඵල සහිත පාසල කළේ ඔහුය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

විදුහල්පතිවරයා සහ ගුරුමණ්ඩලය සමග එක්ව  ඔහුටම ආවේනික වූ ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලියකින් පාසල ඵලදායී ඉගනුම් කේන්ද්‍රයක් කර ජීවිතය විඳින ගමන් අධ්‍යාපනය ලබන්නට හැකි වාසනාව දරුවන්ට ආදර්ශයක් කළ ගුරුවරයා අමිලය.

අමිලගේ වික්‍රමය   රටේ සෑම මාධ්‍යයකටම විෂය වූයේය.    කැපකිරීම  සහිත උසස් මනසකින් යුතු පුද්ගලයෙකුට ක්‍රමයක් වෙනස් කර විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කර දිය හැකි බව පෙන්වූ ප්‍රායෝගික ලාංකිකයන‍් අතර  ඔහු සිටියේ බොහෝ ඉදිරියෙනි.

ඔහු මේ වනවිට බිහිසුණු  අක්මා රෝගයකින් පෙළෙන්නේය. ඔහුගේ ජීවිතය රඳා පවතින්නේ සිදුකළ යුතු  අක්මා බද්ධ සැත්කමකිනි. සැත්කම සිදුකළ යුතු වන්නේ ඉන්දියාවේ චෙන්නායි වලය.Amila

ඒ වෙනුවෙන් ඔහුගේ සරසවි සගයින් විශේෂ ව්‍යාපෘතියක් දියත් කරමින්  ඇත්තේය. ලංකා බැංකුවේ පොතුහැර ශාඛාවේ ගිණුම් අංක 88863734 යටතේ J.A.A.P. Jayasera  (අමිල ප්‍රසාද් ජයසේකර) නමින් මෙම ආධාර ව්‍යාපෘතිය දියත් කර තිබේ.

ඒ අතර ඔහුගෙන් නැණැස පාදා ගත් දරුවන්ගේ දෙමාපියෝ අමිල සර් ගොඩ දැමීම සඳහා මුදල් එක් කිරීමේ වැඩසටහනක්  දියත් කිරීමට  සූදානම් වූහ.

“මට ඒ  සල්ලි එපා… දරුවන්ට ඉගැන්නුවෙ අසීමිත ජීවිත පරමාර්ථයකින්…“

මරණය දකිමින් සිටින මේ මහා මිනිසා සිය සිසු දරුවන්ගේ දෙමව්පියන්වෙත ලෙඩ අඳේ වැතිරී  ඒ වග ලියා තිබුණේ මෙසේය.

“හිතවත් දෙමාපියනි,

2020 වසරේ මා ඔබගේ දරුවා සිටින 3 ශ්‍රේණිය පන්තිය භාර ගත්තෙමි. එම පන්තියේ වැඩ කටයුතු මා ඉතා සාර්ථක ලෙස 2021 අග භාගය දක්වා කරමින් ඔබගේ දරුවන් ඉහළම තැනකට ඔසවා තැබූ බව ඔබ පිළිගනීවි යැයි මම සිතමි.

නමුත් 2021 අග භාගය වන විට  මා ක්‍රමයෙන් අසනීප වූ අතර අවසානයේ එය දරුණු අක්මා රෝගයක් බව තහවුරු විය. එහෙත් ඒ පිළිබඳව ද කිසිත් නොසිතා ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක ලෙස කරගෙන යාමට උත්සාහ දැරුවෙමි. එහෙත් රෝගය මීට වඩා දරුණු විය.

තව දුරටත් මට ඔබගේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දීමට ශක්තියක් නොමැත. මම මේ පිළිබඳව ඊයේ රාත්‍රියේ දී විදුහල්පති තුමාද දැනුවත් කළෙමි. නැවත මා මෙම පන්තිය සම්බන්ධව කිසිදු කරුණකට මාගේ සම්බන්ධතාවක් නොදක්වමි. ඔබ සියලු දෙනා විදුහල්පති තුමාගේ මග පෙන්වීම මත මෙම පන්තිය සදහා ස්ථීර ගුරුවරයෙක් ලබා ගැනීමට කටයුතු කරන්න. ඔහු හෝ ඇය සමග එකමුතුවෙන් කටයුතු කර තම දරුවන්ගේ ජයග්‍රහණය වෙත ගමන් කරන්න. පෞද්ගලික කරුණු වෙනුවට පොදු අරමුණු කරා ගමන් කරන්න. නැතිනම් විනාශය  අත ළග බව සිහි තබා ගන්න .

නැවත කිසි දිනක මෙසේ ඔබට කතා කිරීමට කටයුතු නොකරමි. ඔබ මා වෙනුවෙන් එකතු කරන කිසිදු මුදලක් මා භාර නොගන්නා බවත් මෙයින් ඔබට දන්වා සිටිමි. එය මාගේ ගිණුමක හෝ  තැන්පත්  නොකිරීමට වග බලා ගන්න .එම මුදල කිසිසේත්ම භාර නොගන්නා බව   ප්‍රකාශ කරමි. හොදින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරවන්න. විදුහල්පති තුමාගේ උපදෙස් මත පමණක් කටයුතු කරන්න .

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජම්මු ගැටුම පිටුපස අයිඑස්අයි හා හකානි ජාලය

Next Post

මනුෂගේ චෝදනාව ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න… ජාතික බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි පොලිස්පතිට ලියයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.