රඹුක්කන පුද්ගල ඝාතනයට අණ දුන් සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේය.
ඝාතන සිද්ධියට අදාල මහේස්ත්රාත් පරීක්ෂණ අද (27) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කෑගල්ල මහේස්ත්රාත් වාසනා නවරත්න මෙම නියෝගය නිකුත් කළාය.
පසුගිය 19 වැනි දා ඉන්ධන ඉල්ලා රඹුක්කන පැවැති විරෝධතාවකදී පොලිසිය එල්ල කළ වෙඩි ප්රහාරයකින් 42 හැවිරිදි දෙදරු පියකු වූ චමින්ද ලක්ෂාන් ඝාතනය වූයේය.
පොලිසිය පන්න පන්නා වෙඩි තියන දර්ශන ජිනීවා මානව හිමිකම් කොමිසමට මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද මේ වනවිට යොමු කර ඇත.







