මනම්පිටිය නිමල් ජයරත්න –
මෙවර යල කන්නයට රසායනික පොහොර සහනාධාරය නොදෙන්නේ නම් මහවැලි බී කලාපයේ කුඹුරු අක්කර 60000ක් වගා නොකර ඉවත් වන බව මහවැලි බී කලාපීය ගොවි නියෝජනයින් අද (25) වැලිකන්දේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුහ.
ඉන්ධන මිල ඉහල යෑමත් වී වගාව කිරීමට යෙදවුම් උපකරණ හා අවශ්‍ය තෙල් පොහොරවල මිල ඉහළ යෑමත් ගොවීන් මෙවර වී වගාවෙන් ඈත් වීමට හේතුවක් වී ඇති බව ගොවි නියෝජිතවරු මෙහිදී සඳහන් කළහ.
ඉකුත් මහ කන්නයේ කාබනික පොහොර භාවිතයෙන් වී වගා කර සිදු වු පාඩුවට රජය වන්දි ලබා දෙන ලෙස කීවද එය පුස්සක් වී ඇති බවත් ගොවි නියෝජතවරු පෙන්වා දුන්හ.
මෙම තත්වය සැලකිල්ලට ගෙන වහාම රසායනික පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන ලෙසත්, එසේ නොමැතිනම් මුළු රටේම ගොවින් එකතු වී දිගින් දිගටම සටන ජය ගන්නා තුරු අරගල කරන බවත් ඔවුහු කීහ.







