වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව පවතින අර්බුදය විසඳීමට නම් ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් සිය ධුරවලින් වහාම ඉවත්ව අන්තර්වාර රජයකට අවශ්‍ය පසුබිම නිර්මාණය කළ යුතු බවට ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයත් අවධාරණය කරයි.
ශ්‍රි ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරන ප්‍රධානතම වෘත්තීය සමිතිය වන මෙම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ සවස පවත්වා ඇති අතර එහිදී මෙය යෝජනාවක් වශයෙන් ඒකමතිකව සම්මත කරගෙන තිබේ.
මේ පිළිබඳ ව මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ මේ වනවිට රටේ ජනතාව පෙළෙන පීඩාකාරී තත්ත්වය පිළිබඳව සිය සාමාජිකයන්ගේ විශේෂ අවධානයට යොමු වූ අතර පවතින ආර්ථික අර්බුදයෙන් කළමනාකරණය කිරීම සඳහා වර්තමාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තනතුරුවලින් ඉවත්ව ව්‍යවස්ථානුකූලව අන්තර්වාර රාජ්‍යයක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවය.
මෙම වාර්ෂික සැසිවාරයේදී විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවක් සිය අදහස් දක්වා ඇති අතර ඔවුන්ගේ අදහස් ඒකරාශී කොට යෝජනාවලිය සකස් කළ බවද ශ්‍රි ලංකා විශේෂඥ යෛවද්යවරුන් ගේ සංගමය සඳහන් කරයි.







