අපේ‍්‍රල් 27 වැනිදා වන විට ලැබෙන්නට නියමිත මෙට්‍රික් ටොන් 3,600ක ගෑස් තොගය ප්‍රමාණවත් වන්නේ දින තුනකට පමණක් බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
පුරා දින 12 ගෑස් සැපයුම නවත්වා ඇති පසුබිමක ගෑස් සිලින්ඩර ලක්ෂ 10ක හිඟයක් වෙළෙඳපලේ ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ විය. ඒ දිනකට ගෑස් සිලින්ඩර එක් ලක්ෂ විසි දහසක් වෙළෙඳපලට නිකුත් කරන බවට වූ ඇස්තමේන්තුව මත පදනම්වය.
මෙම ගෑස් තොගය වෙළෙඳපලට එක් දිනක දී නිකුත් වුවත් ගෑස් සිලින්ඩර පන් ලක්ෂ හතලිස් දහසක හිඟයක් ඇති බැවින් මෙම අඛණ්ඩ ගැටලුවක් දක්වා වර්ධනය වන ආකාරය පෙනෙන බව වෙළඳපල ආරංචි මාර්ග කියයි.
රජයෙන් අවශ්‍ය ඩොලර් ලබා දුන්නේ නම් දින තුනකට වරක් ගෑස් තොගයක් ලැබීමේ හැකියාව පවතින බව සමාගම පවසයි.
” සමාගම පසුගිය වසරේ රුපියල් බිලියන 20 ක අලාභයක් ලැබුවා. මේ වන විට දිනකට රුපියල් මිලියන 250 ක පාඩුවක් ලබනවා” ලිට්රෝ ගෑස් සමාගම පවසයි.







