උරුබොක්ක, තිහගොඩ ප්‍රදේශයේ නිවසක තිබු පාක්ෂික රැස්වීමකට සහභාගී වීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිපුන රණවක පළවා හැරීමට ප්‍රදේශවාසීහු අද කටයුතු කළහ.
එල්ලවන දැඩි විරෝධතා මධ්‍යයේ තරුණ මන්ත්‍රී නිපුණ රණවක එම ස්ථානයෙන් ඉවත් වී ගියේය.
නිපුණ රණවක රාජපකෂලාගේ ඥාති පුත්‍රයෙකි. ඔහු පාර්ලිමේන්තුවට රැගෙන ඒම සඳහා රාජපක්ෂ කණ්ඩායම මැතිවරණ ප්රචාරක කටයුතුවල දී දැඩි උත්සාහයක් දරා තිබිණි.
පොදුජන පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගත්තේ ඔහුය.
උරුබොක්ක, තිහගොඩ ප්‍රදේශයේ නිවසක තිබු පාක්ෂික රැස්වීමකට සහභාගී වීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිපුන රණවකට එල්ලවූ විරෝධතාවය මැද මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගිය අයුරු. #lka #SriLanka pic.twitter.com/QxzlOCOSFs
— Dinuk (@22Dinuk) April 16, 2022







