මීට පෙර ගැස්ට් නොකරන ලද අත්‍යවශ්‍ය නොවන ඖෂධ නිෂ්පාදනවල මිල ඊයේ (8) සිට සියයට 20ක උපරිමයකින් ඉහළ නැංවීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව ඇත.
රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඖෂධ නිෂ්පාදන, නියාමන හා සැපයුම පිලිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය පරිදි මෙසේ මිල ඉහළ දැමීමට කටයුතු කළ බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.
ඖෂධ නියමන අධිකාරිය ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී සිටියි.







