අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුව අසල  උද්ඝෝෂණයට යතුරුපැදි කරුවන් කඩා වැදුනේ ඉහළ අණකින්?…

එක් යතුරුපැදි කරුවෙක් හමුදා මේජර් කෙනෙක්...

by editor
අප්‍රේල් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පූර්ණ මුහුණු ආවරණ සහිතව අංක තහඩු රහිත යතුරුපැදිවලින්  පාර්ලිමේන්තු පාර අසල උද්ඝෝෂණයට කඩා වැදුණු  හමුදා යතුරුපැදිකරුවන් පැමිණ ඇත්තේ ඉහළ නියෝගයකින් යැයි ඔවුන් පැවසූ බවත්, ග්‍රෙනෙඩ් ලෝන්ජර් පවා සහිතව පැමිණි මෙම කණ්ඩායමෙන් පොලිසිය සමග ගැටුම ඇතිකරගත් යතුරුපැදිකරු හමුදා මේජර්වරයෙක් යැයි පසුව හෙළිවූ   බවත් අභ්‍යන්තර විමර්ශන ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේය.

වාර්තාවන පරිදි පෙළගැසෙන තොරතුරු මෙසේය.

එම යතුරුපැදිකරුවන්  උද්ඝෝෂකයන් ඉදිරිපිට  සහ උද්ඝෝෂකයන් මැදින් යමින් අටේ ඉලක්කම සලකුණු කරමින් තුන් වරක්ම උද්ඝෝෂණය වෙත ඇතුළුවීමට උත්සාහ කර ඇතැයි නිරීක්ෂණවලින් පැහැදිලි වී තිබේ.  උද්ඝෝෂකයන් නොසන්සුන් වී ඇත්තේ මේ සන්දර්ශනයත් සමගය.

මේ නොසන්සුන්වීමත් සමග සිවුවන වරටත් මෙම හමුදා යතුරුපැදිකරුවන් උද්ඝෝෂකයන් අතරට වැදී ඇත. ඉන් තුනක්ම පොලිස් නිලධාරීන් ද හප්පාගෙන පිටවී යද්දී එක් යතුරුපැදියක් නවත්වා යතුර තමන් සන්තකයට කරගැනීමට පොලිසිය කටයුතු කර ඇත. ගැටුම ඇතිවන්නේ එම හමුදා යතුරුපැදිකරු සමගය.

පොලිසිය සමග ගැටුම ඇතිවන අවස්ථාවේ දී මෙම හමුදා යතුරුපැදිකරු මේජර්වරයෙක් බව හෙළි වී තිබේ. ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන් ඉහළ නියෝගයක් මත එම ස්ථානයට පැමිණි බවය.

ඒ තත්වය තුළ මෙම හමුදා යතුරුපැදිකරුවන් දෙපළ ද නිදහස් කිරීමට පොලිසියට සිදුවී ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ සිදුවිම මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ  හමුදා පුද්ගලයින්    දෙදෙනෙකුට නුසුදුසු ලෙස කටයුතු කිරීම පිළිබඳ විනය පරීක්ෂණයක් කරන ලෙස යුද හමුදාපතිවරයාත්, ආරක්ෂක ලේකම්වරයාත්, පොලිස්පතිට සහ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයාට ලිඛිතව දන්වා ඇති බවය.

පොලිසිය ද ඊයේ සවස නිවේදනයක් නිකුත් කරමින් සිද්ධිය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බව  කීවේය.

අද උදෑසන වනවිට එම යුද හමුදා යතුරුපැදිකරුවන් වළක්වමින් ස්ථානයේ රාජකාරි කළ සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට සූදානම් වී තිබේ. එම අවස්ථාවේ එම නිලධාරීන් සහ පොලිසියේ ඉහළ නිලධාරීන් අතර රටේ පවතින නීතිය සම්බන්ධව උණුසුම් සංවාදයක් ඇති වී තිබේ. මේ අනීතික කටයුත්ත නොකරන ලෙස පොලිසියේ සෑම තලයකින්ම ඉහළට බලපෑම් එල්ල වී ඇත.

ඒ අනුව වැඩ තහනමට ලක්වන්නට ගිය සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීම නතර වී තිබේ.

එහෙත් යුද හමුදාව පොලිසියට දන්වා ඇත්තේ හමුදාවෙන් මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශනයක් පැවැත්වෙන බැවින් මෙම සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනාට යුද හමුදාවේ විමර්ශන කණ්ඩායම ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

එම අවස්ථාවේ දී එම සහකාර පොලිස් අධිකාරීවරුන් යුද හමුදාවට දන්වා ඇත්තේ තමන් යුද හමුදාවේ විමර්ශන සඳහා ඉදිරිපත් නොවන බවත්, හමුදාවේ පරීක්ෂණ සඳහා පොලිසිය ඉදිරිපතවන නීතියක් නැති බවත් දන්වමනි. අවශ්‍යනම් විමර්ශන නිලධාරීන්ට සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබා ගත හැකි යැයිද ඔවුන් දන්වා ඇත.

මෙයත් කියවන්න…

උද්ඝෝෂණය මැදට කඩා වැදුණු හමුදා යතුරුපැදි  නැවැත්වූ පොලිස් නිලධාරීන්ට විනය පරීක්ෂණ!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඖෂධ හා රෝහල් උපකරණ හිඟය උග්‍රයි… අත්‍යාවශ්‍ය සේවාවන් හෝ පවත්වාගන්න බැරිවෙයි… GMOA

Next Post

මිරිහාන උද්ඝෝෂණයට පවුල් පිටින් 200ක් බැස්සූ බව නිශ්ශංක සේනාධිපති කියලා – විජිත හේරත් කියයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.