රටේ ජනාධිපතිවරයාගේ සිට ඉහළම ප්රභූවරුන්වරුන්ගේ අධ්‍යාත්මික ගනුදෙනුව සිදුකරනු ලබන බව කියන දෛවඥ කාන්තාව වන ඥානක්කාගේ අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ නිවස නැවත වරක් ජනතාව විසින් ඊයේ රාත්‍රියේ වටකරනු ලැබීය.
බොහෝ අනුහස් ඇතැයි පැවසෙන මෙම කාන්තාවගේ දේවාලයට ජනතාව කඩා වැදීමත් සමග ප්‍රදේශය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණි.
Police and Military blocked protesters from entering fortune teller Ghankka's house in Anuradhapura last night. pic.twitter.com/Xwny9TZwqh
— NewsWire 🇱🇰 (@NewsWireLK) April 4, 2022
ඒ වනවිටත් මෙම කාන්තාවගේ නිවසට හා දේවාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබී ඇත. එහෙත් එක්වරම කඩා වැදුණු පිරිසගේ විරෝධය පාලනය කරගත නොහැකිවූ තැන පොලිසිය යුද හමුදාව ගෙන්වනු ලැබුවේය.
මේ අතර නිවෙස්වලට ගල් මුල් ප්‍රහාර එල්ල වී තිබිණි.
අනතුරුව පොලීසිය හා යුද හමුදාව එක්ව ඥානක්කාගේ නිවසට හා අවට ප්‍රදේශයට මෙන්ම දේවාලයටද දැඩි ආරක්ෂාවක් සපයනු ලැබුවේය.
මින් දින කීපයකට පෙර ඥානක්කාගේ දේවාලයට යන්නට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සජබ විරෝධතාකරුවන් පිරිසක් හරවා එවීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.







