කැනඩාවේ වෙසෙන ශ්රී ලාංකිකයෝ වීදි බැස සිටියහ. මේ මිනිසුන් සැතපුම් සිය ගණනක් දුර ගෙවාගෙන ටොරෙන්ටෝ මිසිසාගා නගරයට පැමිණ සිටියේ මව්බිමේ මහා ඛේචවාචකය ලෝකයට කියන්නටය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පමණක් නොව ඔහුගේ පරම්පාරාවට ඉවත්වන ලෙස කියන්නට ඔවුහු රැස් වී සිටියේ ජාති ආගම් පක්ෂ භේදයකින් තොරවය.
විශේෂත්වය වන්නේ මේ මගට බැස “ගෝටා ගෝ හෝම් “ කියමින් සිටියේ මව්බිම සුඛිත කිරීමේ සිහිනය ආරෝපණය කරගෙන වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට විශාල කාර්යයක් කළ පිරිස වීමය. එදා ඔවුන් රට ගැන දුටුව සිහින මව්බිමේ සිටි අපට වඩා විසාල බව කිව යුතුව තිබේ.
දරුවෙකුට කිරිපොදක්, සහල් කිලෝවක් වෙනුවෙන් පෝළිමේ සිටින, දරුවන්ගේ බඩගින්න විසින් මගට ඇද දැමූ අසරණ මිනිසුන්ගේ පීඩාව වෙනුවෙන් ඊයේ (03) සවස ලෝකයේ එහා කෙළවරේ රටක ඇවිළුණු සහකම්පනයේ සංවේදනාවන් ප්රකාශ වූයේ මෙසේය.