හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් වන පණ්ඩුබණ්ඩාරනායක විශේෂ කාර්ය බලකාය විසින් අද අම්පාරේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ රුපියල් කෝටියකට ගජමුතු 03ක් අලෙවි කිරීමට සූදානම්වූ අවස්ථාවේදීය.
සුඛොපභෝගී ජිප් රථයකින් අම්පාරට පණ්ඩු බණ්ඩාරනායක ගමන්කර ඇත්තේ 05 දෙනෙකුගේ කණ්ඩායමක් සමගය. ඒ අතර කාන්තාවක්ද සිට ඇත.
ගජමුතු තිබී ඇත්තේ කාන්තාවගේ ගමන් මල්ලෙහිය. පණ්ඩු බණ්ඩාරනායක සතුව ගිනි අවියක්ද තිබී ඇත. එය ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටියදී රජයෙන් ලද එකක් බව හෙළි වී තිබේ.
එහි බලපත්‍ර අලුත්කර තිබේදැයි පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.







