අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප අපටම වෙඩි තියාගත්තා… රට තිබුණ තැනට ගන්න අවුරුදු පහක්වත් යාවි – රොහාන් මාසකෝරාළ

අධි උද්ධමනයක් ඇති වේවි... තව මාස හත අටක් අන්ත දුක් විඳින්න වෙනවා!

by editor
මාර්තු 25, 2022
in පුවත්
Rohan-Maskorala
Share on FacebookShare on Twitter

සංවාද සටහන – චාමින්ද වාරියගොඩ –

ශ්‍රි ලංකාව මේ වනවිට මුහුණ දී ඇති දැවැන්ත විදේශ විනිමය අර්බුදය සහ ඒ ආශ්‍රිතව රටේ නිර්මාණය වී ඇති මහා වියවුල තුළ ජනතාවට විඳින්නට සිදුවන වේදනාත්මක අත්දැකීම් තවත් මාස හතක් අටක් යන තෙක්වත් විඳින්නට සිදුවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයකු මෙන්ම අපනයන ක්ෂේත්‍රයේ පුවීණයකු වන  රොහාන් මාසකෝරාළ  පවසයි. දැනට ශ්‍රි ලංකා රබර් නිෂ්පාදන නිපදවන්නන්ගේ සහ අපනයකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයතු කරන රොහාන් මාසකෝරාළ   ලංකාසර සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කළ කතා බහ අපි මෙසේ සැකෙවින් පළ කරමු.

  • මේ කොවිඩ් නිසා ඇතිවුණ තත්වයක් නෙමෙයි… විනාශය ආරම්භ කළ 2019 අග රාජ්‍ය බදු අඩු කරගැනීමේ අනුවණ තීරණය  තමන්ටම වෙඩි තබා ගැනීමක්…

  • විදුලිය කැපීම සහ ඉන්ධන අර්බුදය නිසාම ආයෝජකයන් රට අත්හැරලා යෑමේ තීන්දුවට ඇවිත්… පාලකයා තමන් අතින් වැරද්දක් වුනේ නෑ කියලා හිතන් ඉන්නතාක් රට නිවැරදි මගට ගන්න අමාරුයි…

  • රුපියල අත්හැරියෙ සැලසුමක් නැතිව… මේ වනවිටත් රුපියල පාලනය වන්නේ රටේ මූල්‍ය පද්ධතියට එහා තිබෙන කළු කඩ හරහා. එය රුපියල් 300ත් 310 සීමාවට යයි කියල හිතනවා. 

 

Rohan-Maskorala
රොහාන් මාසකෝරාළ

ප්‍රශ්නය – වර්තමාන ආර්ථික අර්බුදයේ පසුබිම ඔබ දකින ආකාරය කෙටියෙන් පැහැදිළි කළොත්?

පිළිතුර –   අප අවධාරණය කළ යුතු කරුණක් තමයි මෙය කිසිසේත් කොවිඩ් වසංගතය හෝ ගෝලීය තත්ත්ව මත ඇති වූ දෙයක් නොව තනිකරම මිනිසා විසින් එනම් අප විසින්  නිර්මාණය කරගන්නා ලද  අර්බුදයක් බව. මම එහෙම කියන්නේ මේ හානිය මුලින්ම කර ගත්තේ 2019 අග භාගයේ ඉඳන්. ඒ රටේ රාජ්‍ය බදු ආදායම සියයට 30කින් පමණ අඩු කර ගැනීමෙන්. එය අනුවණ තීරණයක්. ඒ වෙනකොටත් ශ්‍රි ලංකාව කන්දෙන් පහළට වැටෙන්නයි හිටියේ.

මේ තීරණයත් එක්ක ඇත්තටම පහළට වැටුණා. මෙම රාජ්‍ය ආදායම් අඩු කිරීමත් එක්ක මූල්‍ය වර්ගීකරණ ආයතන ශ්‍රි ලංකාව සිය දර්ශකවලින් පහළට දැම්මා. එයින් වුණේ ටිකෙන් ටික ජාත්‍යන්තර ආයතනවලින් අපට ණය ලබා ගැනීමේ හැකියාව පහළට පැමිණීම.  මම මේ බදු අඩු කර ගැනීම දකින්නේ තමන්ටම වෙඩි තබා ගැනීමක් ලෙසයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අනෙක් කාරණය කිසිම සමීක්ෂණයක් නියමු ව්‍යාපෘතියක්වත් නැතිව මුළු රටම කාබනික ගොවිතැනට පරිවර්තනය කිරීමට ක්‍රියාත්මක කළ අසාර්ථක සැලසුම්. මෙ නිසා කෘෂි ආර්ථිකය සැලකිය යුතු ආකාරයට කඩා වැටුණා.

අනෙක ඊළඟට ඩොලරයේ අගය ස්ථායීව තියාගන්න ආණ්ඩුව කළේ මහ බැංකුව සල්ලි අච්චු ගසමින් තියන සංචිත විකිණීම. අනවශ්‍ය විදිහට රටේ ඩොලර් සංචිත මේ තත්ත්වය නිසා හානියට පත් වුණා. ණය එක්ක බැලුවම සංචිත සෘණ අගයකට ගියා. මේ තත්ත්වය ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන තම වර්ගීකරණ දර්ශකවලින් ශ්‍රි ලංකාව පහළ දැමීමට කටයුතු කළා.

අපනයනකරුවන්ට ප්‍රශ්න ඇති කළා. ගැසට් ගැහුවා.  අගය වැඩි කිරීමේ අපනයන කර්මාන්තවලට ප්‍රශ්න ඇති වුණා. ඒවා විසඳගන්න මාස ගණනක් රජය සමඟ සටන් කරන්න වුණා.

මේ අතරේ රුපියල ස්ථායීව තබා ගැනීමට රජය බලහත්කාරයෙන් විවිධ නීති රීති දමමින් කළ දේවල්වල ප්‍රතිඵලයක් ලෙස ඩොලර් එක ලබා ගැනීමේ සිට සියලුම වෙළෙඳපොල  කළු කඩ ජාවාරම් බිහිවුණා. අපනයනකරුවන් ලංකාවට මුදල් එවන්නේ නැතිව ඔවුන් සිංගප්පූරුව ඩුබායි වගේ රටවල ගිණුම් විවෘත කොට මුදල් තැන්පත් කළා. විදේශගත ශ්‍රමිකයන් බැංකු පද්ධතිය මඟ හැර වෙනත් ක්‍රමවලින් ඔවුන්ගේ මුදල් මෙරටට එවීමට කටයුතු කළා. මේ සියල්ල නිසා ආර්ථිකයට දරුණු පහරක් වැදුණා.

ප්‍රශ්නය – කොහාම වුණත් දැන් රජය ණය පුතිව්‍යූහගත කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා. දැන් මේ ක්‍රියාවලියෙන් කවර බලපෑමක් එල්ල වෙයිද?

පිළිතුර – ඒක හොඳ දෙයක්. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාව පිළිබඳව ඇගයීමක් කරල අදාළ කටයුතු සිදු කොට ශ්‍රි ලංකාවට සහනයක් දෙන බව ප්‍රකාශ කරන තෙක් මේ රටේ මූල්‍ය වෙළෙඳපොළේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ. එතෙක් මේ විචල්‍යතා දිගටම සිදුවෙනවා. මේ වනවිට අපට තිබෙන්නේ විවෘත වෙළෙඳ පරිසරයක් නෙවෙයි. ආනයන සඳහා විවධ බාධක පවතිනවා. මේ තුළ අසමතුලිත බවක් නිර්මාණය වෙලා. ඒ අතරේ රුපියලේ අගය වේගයෙන් පහළ වැටෙනවා. මේ සියල්ල පාලනය වෙලා රටේත් ලෝකයේත් විශ්වාසයක් ඇති වෙන්න අඩුම තරමේ තව මාස හතක් අටක්වත් අපට දුක් විඳගෙන ඉන්න වෙනවා.

ප්‍රශ්නය – ඇයි ඔබ එසේ කියන්නේ ?

පිළිතුර – අද රුපියලේ අගය එක පාර පාලනයෙන් නිදහස් කිරීමත් සමඟ අවුල් වෙලා තිබුණු වෙළෙඳපොල පරිසරය තවත් බරපතල වෙලා. මේ වනවිට රුපියල වේගයෙන් පහළට යනවා. උද්ධමනය වැඩි වෙලා. ඇතැම් විට අධි උද්ධමන තත්ත්වයක් පවා ඇති වේ යයි බලාපොරොතු වෙනවා.

ඇතැම් භාණ්ඩ ආනයන සීමා කර තිබෙනවා. අනෙක ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ආනයනය කරන භාණ්ඩවලට විශාල වියදමක් දරන්න සිදුවෙනවා. මෙම තත්ත්ව මත ඉදිරියේදී විදුලිය බිලත් ඉහළ දැමීමට කතා බහට ලක්වනවා. එයින් සිදුවන්නේ තත්තවය තවදුරටත් බරපතල වීම.

අද බැංකුවලින් එන පොලී ප්‍රතිශතය මේ උද්ධමනයට වඩා පහළ තැනක තිබෙන්නේ. විශේෂයෙන් ස්ථාවර තැන්පතු පොලියෙන් ජීවත් වෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැනි අයට මේ තත්ත්වය නිසා ලොකු අර්බුදයකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. ආදායම සෘන වෙලා.

ජීවත් වීමත් ව්‍යාපාර කිරීමත් ලොකු අභියෝගයක් වන තැනකට එනවා. එහි ප්‍රතිඵලය අපට දැඩි වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවීම.

ප්‍රශ්නය – නමුත් පසුගියදා ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ඩොලරයේ  අගය පා කිරීමේ තින්දුව මත විදේශ පේෂණ සහ අපනයන ආදායම් බැංකු පද්ධතිය තුළට පැමිණීමෙන් විදේශ සංචිත අර්බුදයටවිසඳුමක් එනු ඇති බවයි.

පිළිතුර – මම නම් විශ්වාස කරන්නෙ නෑ එහෙම කිව්වට ඩොලර් එයි කියල. ඩොලර් අපේ බැංකු පද්ධතියට එන්න නම් කලු කඩ නැති කරන්න ඕන. අද ඩොලර් එක පාලනය කරන්නේ මේ කළු කඩ. ඔවුන් තීරණ ගන්නේ සමස්ත ප්‍රවණතා එක්ක. මේ ඩොලර් කළුකඩ එහි මිල අඩු කරන්න අඩුම තරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටට ණය සහනයක් ලබා දෙනවා කියල ප්‍රකාශ කරල ඊට අවශ්‍ය පියවර ගන්න ඕන. එතකොට ඔවුන්  තේරුම් ගනිවී ඔවුන්ට තවදුරටත් මෙය පාලනය කරන්න බෑ කියල. අනෙක පසුගිය කාලය තුළ අපයනකරුවන්ට ඩොලර් එක වෙනුවෙන් ලැබුණේ තරගකාරී මිලක් නෙවෙයි.

ප්‍රශ්නය-  ඔබ කියන්නේ රුපියල පා කිරීමට ගත් තීරණය වැරදියි කියලද?

පිළිතුර –  රුපියල පා කිරීම කළ යුතු දෙයක් වුණත් එය කළේ කිසිදු සැලසුම් සහගත බවකින් තොරව. අඩුම තරමින් කැබිනට් මණ්ඩලයත් මේ ගැන දැනගෙන හිටියේ නැහැ කියල කතා වෙනවා. අඩුම තරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කතා කරල ඔවුන් මඟ එකඟතාවකට එන්න කලින්   සැලසුම් සහගතව නොවී රුපියල අතහැරීම ප්‍රශ්නයක්. ඒකෙන් වාසිය යන්නේ කළු කඩේට.

පසුගියදා රුපියල පා කිරීමට ගත් තීරණයත් එක්ක මේ වනවිට ඊට සාපේක්ෂව රුපියලේ අගය පෙර නොවූ විරූ ලෙස කඩා වැටිලා. දවස් දෙක තුනක් තුළ සියයට 50කින් 60කින් අපවප්‍රමාණය වෙනවා. මේ තත්ත්වය මේ වනවිටත් රුපියල පාලනය වන්නේ රටේ මූල්‍ය පද්ධතියට එහා තිබෙන කළු කඩ හරහා. එය රුපියල් 300ත් 310 සීමාවට යයි කියල හිතනවා.

ප්‍රශ්නය- එසේ නම් අපට මේ දුක්ඛිත තත්ත්වයෙන් මිදිමට තවත කොපමණ කාලයක් ඔබ විශ්වාස කරන ආකාරයට ගත වෙයිද?

 පිළිතුර – විදේශ සංචිත ඉතිරි කළේ නැත්නම් ලබා ගත් ණය සහ පොලි   ඉතිරි කළේ නැතිනම් පොලි ප්‍රතිව්‍යූහගත කරන තෙක් අපේ රටේ වෙළෙඳපොල ගැන කිසිම විශ්වාසයක් ඇති වෙන්නෙත් නෑ. මේ සඳහා මාස හයක් හතක් පමණ ගත වේවි. ඒ වනවිට අන්ත දුක් විඳින තත්ත්වයට එයි. ව්‍යාපාර කරන්න බැරි තත්ත්වයක් අධි උද්ධමන ලක්ෂණ අපි දකිනවා. මේකට අපට මුහුණ දෙන්න වෙනවාමයි.

ප්‍රශ්නය – නමුත් රජය කියනවා පසුගියදා ඉන්දියාවෙන් ලබා දුන් ඉන්ධන සඳහා ණය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා ලබා දුන් ඩොලර් බිලියනයක ණය සහනය මත භාණ්ඩ මිල අඩු වී උද්ධමනය පහළ වැටෙයි කියල?

පිළිතුර – එයින් යම් සහනයක් ලැබෙයි. නමුත් ඒ ඉතා ටික කාලෙකට. විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්ද වනවිට භාල් මිලේ මේ නිසා යම් පහළ යාමක් ඇතිවිය හැකියි. නමුත් එය ඉතාම තාවකාලිකයි. ඉන්ධන සඳහා ලැබෙන සහනයත් එහෙමයි. ඊට වඩා අපට දීගු කාලීනව රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන යන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යන ගමන මත රඳා පවතීවි.

ප්‍රශ්නය – ඉදිරියේදී රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට මූලික වශයෙන් සිදු කළ යුතු දේ මොනවාද?

පිළිතුර – අප කළ යුතු එක දෙයක් තමයි  ඉදිරි අවුරුද්දේ මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳව දේශීය විදේශීය ආයෝජකයන් සහ ව්‍යවසායකයන් තුළ විශ්වාසයක් ඇති කිරීම. විශේෂයෙන් රටේ නිෂ්පාදන ආර්ථිකය වැඩි කිරීම ගැන කල්පනා කරන්න ඕන. රටේ විනිමය වෙළෙඳපොල ස්වාභාවික තත්ත්වයෙන් වෙනස් කර කෘත්‍රිම ව පාලනය කරන්න යනකොට  විවිධ නීති රෙගුලාසි ගේනකොට එයින් මිදීමට ව්‍යාපාරිකයන් විවිධ විකල්ප සොයා  ගන්නවා. ඔවුන්ට ගැලපෙන වෙනත් විකල්ප තිබෙනවා. ලෝකයේම තත්ත්වය එහෙමයි. ඒත් අපේ තීරණ ගන්න අය මේවා දන්නේ නෑ .  මෙලෙස කෘත්‍රිව ම පාලනය කරන්න යාම හානිකරයි.

භාණ්ඩ වගේම ශ්‍රි ලංකාවේ බුද්ධිමය ශ්‍රමය සේවාවක් ලෙස විකුණන  අය අද බොහෝ  ඉන්නවා. සයිබර් අවකාශයේ විවිධ සේවාවන් සපයන අය. ඒ අය  උපයන ඩොලර්වලටත් පසුගිය කාලයේ විවිධ සීමා දැම්මා. මේ රටේ ගිණුමකට බැරවෙනවිට ඒවා රුපියල් කරන්න ඕන කියල නීතියක් දැම්මා. ඔවුන් මොකද කළේ?. සිංගප්පූරුවේ ඩුබායි රාජ්‍යයට ගිහිල්ලා එහේ ගිණුම් විවෘත කළා. මේ රටවල පුළුවන් ඔවුන්ට ගිණුම් විවෘත කරන්න. අපේ ශ්‍රි ලාංකිකයන් පිටරට ජීවත් වන අය. පුරවැසි භාවය තියන අයට දිරිගැන්වීමක් කරන්න කිසි දෙයක් කරල නෑ. ඒ අය අනෙක් රටවල ආයෝජනය කරනවා. ඔවුන් යලි මේ රටට හරවා ගැනීමට අවශ්‍ය ප්‍රතිප්තිත සැකසිය යුතුයි.

අද බලශක්තිය විශාල ප්‍රශ්නයක්. දවසට පැය හතරක් පහක් විදුලිය කැපෙනවා. මේ විදිහට විදුලිය කැපුණොත් සිදුවන්නේ රටේ සෑම ක්ෂේත්‍රයකටම ගමනක් නැති වීම. ඉන්ධන නැතිවුණත් එහෙමයි. අද රටේ ධාවනයට අවශ්‍ය පුධාන මූලාශ්‍ර දෙකම අඩාල වෙලා. එය ලොකු අර්බුදයක්.

මේ වනවිටත් සමහර කර්මාන්තකරුවන්, අපනයනකරුවන් තමන්ගේ කර්මාන්ත වෙනත් රටවල සථාපනය කිරීම ආරම්භ කරලා. ඔවුන් නව හවුල්කරුවන් සම්බන්ධ කරගෙන විදේශ රටවලට තම කර්මාන්ත ගෙන යන තත්ත්වයක් නිර්මාණය වෙලා.

අපට මේ තත්ත්වයෙන් ගොඩ එන්න කෙටි මාර්ග නෑ. සමහරු හිතනවා නම් රුපියල පා කළාම ඔක්කොම හරියනව කියල ඒක හරියට කකුල් දෙක කැඩුණු මිනිහට කිහිලිකරුවක් දීල දැන් ඇවිදින්න කියනව වගේ වැඩක්. එයින් කැඩුණු අස්ථිය සම්බන්ධ වෙන්නේ නෑ වගේ. රටේ තත්ත්වය නිසි මඟට එන්න තවත් කාලයක් ගත වේවි. මම හිතන්නේ ජාත්‍යන්තර වර්ගීකරණ ආයතන අපේ රටේ වර්ගීකරණ මට්ටම් ඉහළ දාල ආයෝජක විශ්වාසය කෙමෙන් ඇවිල් මේ සියලු කටයුතු සිදුවෙන්න  අඩුම රමින් රට තිබුණු තැනට එන්න තව වසර පහක්වත් ගත වේවි.

එහිදි රාජ්‍ය නායකයාත් විනිවිද භාවයකින් යුතුව නිහතමානීව කටයුතු කළ යුතුයි. තමන් අතින්  කිසිම වැරැදක් වෙලා නෑ කියල ප්‍රතිපත්තියේ රාජ්‍ය නායකයත් ඉන්න කොට එහෙම කරන්න අමාරුයි.  බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම , පොහොර පුශ්නය  රාජ්‍ය නායකයාගේ අනුදැනුම් ඇතිව කළ ආර්ථික ඝාතන ප්‍රතිපත්ති. ඒවායේ වගකීම අරන් ඉදිරියට යන්න බැරි නම් ඒක ප්‍රශ්නයක්.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පෝක් සමුද්‍ර සන්ධිය අවට පැය 24 පුරා නිරීක්ෂණයට ඉන්දීය හෙලිකොප්ටර දෙකක්!

Next Post

කැබිනට් ඇමතිකම් හෝ වෙන කිසිම තනතුරක් එපා… භාර නොගන්නා හේතුව ලන්සා කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.