කිරි ගව පාලන ආයෝජන ව්යාපෘතියක් සඳහා පරිසර ඇගයම් වාර්තාවක් ලබා ගැනීමට රුපියල් මිලියන 300ක් ඉල්ලූ මධ්යම පරිසර අධිකාරිය ගැන තමන් කැබිනට් රැස්වීමේ දී පරිසර ඇමති මහින්ද අමරවීර වෙත ලේඛන සහිතව පෙන්වා දුන් බවත් එහිදී ඇමතිවරයා එය පිළිගත් බවත් මේ මුදල ඉල්ලා ඇත්තේ මධ්යම පරිසර අධිකාරියෙන් බව කීවේ පරිසර ඇමතිවයා බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ පවසයි. ඔහු මේ බව කියන්නේ අද මධ්ය හමුවක් අමතමිනි.
එහෙත් මේ පරිසර ඇමති මහින්ද අමරවීර ඊට ප්රතිචාර දක්වමින් පවසන්නේ පරිසර ඇගයිම් වාර්තාවක් සඳහා රුපියල් මිලිය 300ක් මධ්යම පරිසර අධිකාරිය ඉල්ලා ඇති බවට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා ප්රකාශ කර තිබුණත් එය සාවද්ය ප්රකාශයක් බවය. පරිසර අමාත්යාංශය හෝ මධ්යම පරිසර අධිකාරිය කිසි විටෙක පරිසර ඇගයීම් වාර්තා නිකුත් නොකරන බවත් ඇමතිවරයා පැහැදිලි කළේය..
කිරි ගව පාලනය සඳහා පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබා දීමට රුපියල් මිලියන 300ක් ඉල්ලු ආයතනයක් වේ නම් එම ආයතනය සම්බන්ධව විමර්ශනයක් සිදු කර කාරණය සත්ය නම් එම ආයතනය අසාදු ලේඛනගත කිරීමට කටයුතු කරන බව ද පරිසර අමාත්ය මහින් අමරවීර සඳහන් කළේය.
පරිසර ඇගයුම් වාර්තා නිකුත් කරන්නේ මධ්යම පරිසර අධිකාරියේ ලියාපදිංචි වරළත් ආයතන 63ක සිටින විශ්ව විද්යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් කමිටු බව ඇමතිවරයා කීවේය. මේ අනුව මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාගේ ප්රකාශය නිවැරදි එකක් යැයි කිසිවිටෙකත් සිතිය නොහැකි යැයිද අමරවීර ඇමතිවරයා අවධාරණය කළේය.
එහෙත් කෘෂිකර්ම ඇමතිවරයා අවධාරණය කරන්නේ කැබිනට් රැස්වීමේ දී තමන් අදාල ලේඛන පෙන්වා සිටි විට සිදුවී ඇති දේ පරිසර ඇමතිවරයා පිළිගත් අතර පරිසර අමාත්යාංශයේ හෝ මධ්යම පරිසර අධිකාරියේ හෝ පරිසර අමාත්යාංශයට අනුබද්ධ වෙනත් ආයතනයක හෝ දූෂණයක් සිදුවී ඇතිනම් එහි වගකීම විෂය භාර අමාත්යවරයා විසින් භාරගත යුතු බවය.







