දීප ව්‍යාප්ත සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ උපදෙසින් ගාල්ල දිස්ත්‍රික්කයේ හෙළ සංස්කෘතික නගරයක් වූ අම්බලන්ගොඩ නගරය සංවර්ධනය කර අවසන් කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා ගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.

පරිසර හිතකාමී, සුව පහසු නගරයක නව අත්දැකීමක් විඳගනිමින් අලංකාර නගරයක උරුමය ලැබීම යන තේමාව යටතේ සංවර්ධනය කළ අම්බලන්ගොඩ නගරය පසුගිය දා වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රිදර්ශන ද සිල්වා විසින් ජනතා අයිතියට පත්කරන ලදි.
නගරය තුළ මෙතෙක් පැවති අඩුපාඩුකම් සපුරමින් සංවර්ධනය කළ අම්බලන්ගොඩ නගරය සංස්කෘතික සේම සංචාරක නගරයක් ද වෙයි.
නාගරික භූමි අනන්‍යතාවය රකිමින් අලංකාර ලෙස සංවර්ධනය කිරීම යන තේමාව යටතේ මහා භාණ්ඩාගාරය විසින් ලබාදුන් රුපියල් මිලියන 15.73 ක වියදමකින් මාස 06 ක දී මෙහි වැඩකටයුතු නිමකර තිබිණ.







