රිදියගම සෆාරි උද්‍යානයේ ”ලාරා ” නැමැති සිංහ ධේනුව විසින් බිහිකළ පළමු පැටවාවන ”ඩෝරා” සිංහ පැටවා ස්වෝද්‍යාන පනතට මෙන්ම සියලුම මූලික වෘත්තීය ආචාර ධර්මවලට පටහැනිව යළි යළිත් අවභාවිතා කිරීමත්, එම අවභාවිතයන් ප්‍රවර්ධනය කිරීමත් සම්බන්ධව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරියට යළිත් වරක් බරපතල විරෝධයක් මතුවෙමින් තිබේ.
මෙවර මේ අර්බුදය පැන නැගී ඇත්තේ මෙම “ඩෝරා“ සිංහ පැටවාට සිය හිතවත් ටෙලි නිලියන් ටිකක් ලවා කිරි පොවා එම ඡායාරූප “ සුදු චූටි ඩෝරාට කිරි පොවන්න ඉගෙන ගත්තා“ ලෙස නම් කළ ශීර්ෂ පාඨයකුත් සමග අධ්යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ ඇයගේ ෆේස් බුක් ගිනුමේම පල කිරීමත් සමගය.
මෙම සිංහ පැටවා පසුගිය ජනවාරි 18 වනදා සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිනි. ඒ වනවිට මේ සිංහ පැටවාට වයස මාස හතර හමාරකි. ඒ වනවිටත් ඩෝරාට මව් සිංහ ධේනුව විසින් කිරි දීම ප්‍රතික්ෂේප කර තිබුණු නිසා එම සත්වයා පෝෂණය කිරීම සත්ත්වෝද්‍යාන දෙපර්තමේන්තුවේ රිදියගම සෆාරි උද්‍යානයෙහි පශු වෛද්‍ය නිලධාරීන්ගේ වගකීම යටතට පැවරිනි.
රිදියමග සෆාරි උද්‍යානයේ සිටින සිංහ පැටවාට උගේ සම්මත චර්යාවන්ට යොමු වන්නට නොදී බලු සුරතලෙක් ලෙස හදාගන්නට සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල වන්නේ මේ කිරි දීමේ කටයුත්ත සමග බව පැවසේ. ඒ පැටවාට කිරි දීම තමන්ගේ හිතවතුන් හිතවතියන් ලවා සිදුකරන්නට ඇය කටයුතු කිරීම නිසාය.
ඇය කරන්නේ කුමණ ආකාරයේ බරපතල අකටයුත්තක් දැයි ඇයටම අවබෝධයක් නැති බව ක්ෂේත්රයේ ප්‍රමාණිකයෝ අප සමග කීහ. ඇයගේ හිතවතුන්, ඇයගේ දේශපාලන කණ්ඩායමේ බලවතුන්ගේ හිතවතුන්ගේ සුරතලෙක් වන්නට මේ සිංහ පැටවාට සිදුවී තිබීම බරපතල ඛේදවාකයක් බව ඔවුහු පෙන්වා දුන්හ.
මින් පෙරත් මූලික අණ පනත් පමණක් නොව, චර්යා ධර්ම පද්ධතියත් උල්ලංඝණය කරමින් ජාතික සත්ත්වෝද්‍යන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය ජනප්‍රිය නිළියක මෙන්ම පොහොට්ටුවේ දේශපාලන ක්‍රියාකාරිණියක වූ ඕෂධී හේවාමද්දුම ඇතුළු ඇයගේ පවුලේ සාමාජිකයන්ට රිදියගම සෆාරි උද්‍යානයේ දී මේ සිංහ පැටවා වඩාගෙන සුරතල් කරන්නට දී තිබිණි. එම ඡායාරූප සමාජ මධ්‍යයේ පළවීමත් සමග විශාල ආන්දෝලනයක් ඇති විය.
මෙවර ඇය සිය අවකල් ක්‍රියාව ඇයගේ ෆේස් බුක් ගිනුමේම පල කර ප්‍රවර්ධනය කිරීම මෙම තනතුරට ඇයගේ නුසුදුසුකම මෙන්ම නොදැනුවත් වගකීම් රහිත ස්වරූපය ද පිළිබිඹු කරන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේය.
මේ ලිපියත් කියවන්න…
,
Home (current)
Local (current)
World (current)
Entertainment (current)
Business (current)
Sports(current)
Contact Us(current)
Subscribe Watch Hiru TV
Home (current)
Local (current)
World (current)
Entertainment (current)
Business (current)
Sports(current)
Politics(current)
Contact Us(current)
Subscribe
English தமிழ் Hiru Gossip
ජාතිය අමතා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ) Wednesday, 16 March 2022 – 20:43
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ ජනතාව මුහුණදී ඇති ගැටලු තමන් තේරුම් ගෙන ඒ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.ජනතා ගැටලු විසඳීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වගකීම තමන් භාරගන්නා බව ද ඔහු සිය ප්‍රකාශය තුලින් අවධාරණය කළා. ජනාධිපතිවරයා සිදු කළ විශේෂ ප්‍රකාශය පහතින්.
.







