දිනසේන රතුගමගේ –
-
ළමා නිවාසයෙ ඉන්නේ යුද්ධයේ වින්දිතයන් වුණු දරුවො… පවත්වාගෙන යන්නෙ කේ.පී. ගෙ අධීක්ෂණයෙන්…
මුලතිව් මුල්ලියාවලෙයි භාරතී ළමා නිවාසයේ දැරියන් දෙදෙනෙක් එහි පාලිකාවගේ හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව ඊයේ ( 15 ) විස ඇට වර්ගයක් කෑම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ.
වයස අවුරුදු 13 ක හා 14 ක මෙම දැරියන් දෙදෙනාට ළමා නිවාසයේ පාලිකාව සුපුරුදු ලෙස එදින ද හිරිහැර කිරීම නිසා පාසලට ගිය ඔවුන් මෙසේ විස ඇට කා තිබේ.
මේ දැරියන් දෙදෙනා ළමා නිවාසයේදී තමන්ට විදීමට සිදුව ඇති පීඩාවන් සියල්ලම තම මිතුරියන් සමග ප්‍රකාශ කොට ඇති අතර මුලතිව් පොලීසිය ඒ ඔස්සේ පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇත.
ළමා නිවාසයේ පාලිකාව ඉතා කුරීරු අන්දමට පහර දෙන බවත් නිතරම එහි ළමුන්ට වධ හිංසා කරක බවත් ප්‍රකාශ වී තිබේ. අතර මේ ක්‍රියාවන් ඉවසා ගැනීමට නොහැකිව මීට සතිකයකට පමණ ඉහතදී මෙම ළමා නිවාසයේ දැරියන් පස් දෙනෙකු ළමා නිවාසයෙන් පලා ගොස් ඇති බවටද මුලතිව් පොලීසියට තොරතුරු ලැබී ඇත.
මෙම ළමා නිවාසයේ ජීවත් වන්නේ යුද්ධය හේතුවෙන් දෙමව්පියන් හා ඥාතීන් අහිමි වී ගිය පවුල්වල දැරියන් පිරිසක් වන අතර එම ළමා නිවාසය පවත්වා ගෙන යන්නේ එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායකයෙකු වන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ගේ අධීක්ෂණය යටතේය.







