වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ දේශීයව නිෂ්පාදිත සියලුම මත්පැන් වල මිල ඉහළ දමා තිබේ.
මේ අනුව විශේෂ ලේබලය යටතේ නිකුත් කරන ලද මිලි ලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් රුපියල් සියයකින් ඉහළ දමා තිබේ.
මිලිලීටර් 375ක මත්පැන් බෝතලයක මිල රුපියල් 60 කින් සහ මිලි ලීටර් 180 මත්පැන් බෝතලයක් රු. 30කින් ඉහළ ගොස් ඇත.
දේශීයව නිෂ්පාදනය කරන සියලුම බියර් වර්ගවල මිලද රුපියල් 10කින් ඉහළ දමා තිබේ.







