බූලිවලට සහ බැරල්වලට ඛනිජ තෙල් සැපයීම වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවා තිබේ.
මේ අත්හිටුවීම ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සියලුම බෙදුම්කරුවන් වෙත දන්වා තිබේ.
මෙම නියෝගවලට පටහැනිව කටයුතු කරන සියලුම බෙදුම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව කියයි.
මේ නියෝගය කඩ කරන බෙදුම්කරුවන් සම්බන්ධව සොයා නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය දැනුම්වත් කර ඇතැයි වාර්තා වේ.
මෙම කෑන් සහ බූලිවලට ඉන්ධන ලබා ගන්නා පුද්ගලයින් ඉන් පසු එම ඉන්ධන වැඩි මිලට විකිණීම හේතුවෙන් මෙම තීන්දුව ගත් බව හෙළි වී ඇත.
කෙසේ වෙතත් කෘෂි කාර්මික යන්ත්‍ර සූත්‍ර ඉන්ධනහල් වෙත රැගෙන යෑමට නොහැකි බැවින් එම උපකරණ සඳහා ඉන්ධන බූලිවලට ලබා ගැනීමට සිදු කරන බවය.
(හිරු)