2021(22) 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද (12) රාත්‍රියේ නිකුත් කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි .
ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයේ දරුවන් 255062ක් ද , දෙමළ මාධ්‍යයෙන් 85446 ක් ද පෙනී සිටි අතර සමස්ත සංඛ්‍යාව 340508 කි.
විභාග මධ්‍යස්ථාන 2943 ක මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුන අතර covid 19 ආසාධිත දරුවන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන එකසිය අටක් ක්‍රියාත්මක කෙරිණි.
2021 (22) ශිෂ්‍යත්ව විභාගය පසුගිය ජනවාරි 22 සෙනසුරාදා පැවැත්විණ .







