බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව බංකොලොත් වීමට මාස දෙකක් කල්අරන්

by Lanka Sara Editor
මාර්තු 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය මාස දෙකකින් ඇරියස් කිරීමට ආණ්ඩුව විසින් කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පවතින තත්ත්වයට විසඳුම් ඔහු විසින් පෙන්වා දෙනු ලැබුවේ මෙසේය.

“පසුගිය මාර්තු මාසෙ 4 වෙනි දින කිහිපයකට කලින් ඉන්දියාවට ගෙවිය යුතු මුදලක් තිබුණා. ඩොලර් මිලියන 500 ක්. එය ගෙවන්න තිබුණේ ජනවාරි 4 වෙනිදා. ඒක මාර්තු 4 ට කල් දැම්මා. ඒ වගේම මාර්තු 4 වෙනකොට තවත් එකතු වෙලා ඩොලර් මිලියන 900 ක් වුණා. ඒ ඩොලර් මිලියන 900 ගෙවන්න මහ බැංකුවට හැකියාවක් තිබුණේ නැහැ. ඒ ඩොලර් මිලියන 900 ගෙව්වා නම් ශ්‍රී ලංකාව නිශ්චිත වශයෙන්ම මාර්තු 4 වෙනිදා බංකොලොත් වෙනවා. ඉන්දියාව උදව් කරලා තවත් මාස 2 කින් මේක කල් දාලා තියෙනවා. ඒ කියන්නේ බංකොලොත්භාවය ඇරියස් කරලා තියෙනවා. ඒකයි රටේ ඇත්ත අර්බුදය. කුමන්ත්‍රණය ඒකයි.”
ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව තිබෙන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 6000 ක් පමණි. ප්‍රවාහනය සඳහා පමණක් දිනක ඩීසල් භාවිතාව මෙට්‍රික් ටොන් 5500 කි. ලංකා විදුලිබල මණ්ඩලය සඳහා ඩීසල් භාවිතා කරන්නේ නම් මෙට්‍රික් ටොන් 4000 ක් අවශ්‍ය වේ.
“යුක්‍රේනයට රුසියානු හමුදා ගිය වෙලාවේ තෙල් මිල ඉහළ ගියා. නමුත් ඊයේ ඉඳන් තෙල් මිල 12% කින් පහළට වැටුණා. අපගේ බොරතෙල් වටිනාකම, ඩොලර් 137 සිට 112 දක්වා ඇද වැටුණා. නමුත් අද මේ වරායේ තියෙන ඩීසල් මෙට්‍රික් ටොන් 37000 ඇත්ත ගාන ඩොලර් මිලියන 35 යි. ගෙවන්න වෙලා තියෙනවා ඩොලර් මිලියන 52 ක්. ආණ්ඩුවේ මූල්‍ය කළමනාකාරිත්වයේ වරද නිසා රුපියල් 60 කට වඩා වැඩි මුදලක් ඩීසල් ලීටරයකට ගෙවන්න වෙනවා. ඒ නිසා මේ මූල්‍ය කළමනාකාරීත්වයේ ප්‍රශ්න විසඳාගන්නේ නැතුව මේක කරන්න බෑ. මේ එක නැවකට විතරක් ඇතිවෙලා තියෙන පාඩුව මෙට්‍රික් ටොන් 37000 ට රුපියල් කෝටි 345 ක්. ඒ නිසා මේ සෙල්ලම මේ විදිහට ගෙනියන්න බෑ. එක වලක් වහලා තව වලක් කපාගන්න එක තමයි තියෙන්නේ.”
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන බලාගාරය පුත්තලම ගල් අඟුරු බලාගාරයේ යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කරනවා නම් දිනකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 7500 – 8000 ක් අවශ්‍යය. අද ලංකා විදුලිබල මණ්ඩලය සතුව නොරොච්චෝලේ තිබෙන සංචිත ප්‍රමාණවත් වන්නේ ජූනි මාසය දක්වා පමණි. එනම් තවත් දින සියයකට ආසන්න ප්‍රමාණයක් පමණි. වාරකන් සමය හේතුවෙන් ඔක්තෝබර් මාසය වනතුරු ගල් අඟුරු ගොඩබෑමක් සිදු කළ නොහැක. ගල් අඟුරු වහාම ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව පවතී.
එම අවශ්‍යතාවය ඉටු කරගැනීම සඳහා දැන් ආණ්ඩුවට ඩොලර් නොමැත.
“ඔක්තෝබර් මාසය දක්වා තවත් ගල් අඟුරු ටොන් මිලියනයක් අපට අවශ්‍යයි. නමුත් අද ලංකා විදුලිබල මණ්ඩලය ගල් අඟුරු ගෙන්වා ගන්නට යන්නේ ටොන් 360,000 යි. ඒ සඳහා ඩොලර් මිලියන් 100 ක් ඕනේ. ගල් අඟුරු ටොන් එක අද ගෙනල්ලා තියෙන්නේ ඩොලර් 260 කට. රුසියාව යුක්‍රේනයට ගිය වෙලාවේ යම් ප්‍රමාණයකට ගල් අඟුරු වල මිල හිතාගන්න බැරි තරම් වැඩි වුනත් ඒක දැන් යම් ප්‍රමාණයකට ස්ථාවර වෙලා තියෙනවා. මේවටත් අද දෙන්න ඕන විතරක් නෙමෙයි. මේ ගල් අඟුරු ගේන්න යන්නේ අද රුසියාවට. රුසියාවේ යුද්ධයක්. යුක්‍රේන යුද්ධයක්. මේක ගල් අඟුරු තොග පටවා ගන්න හැකියාවක් එතන නෑ. ඒ අනුව අද මේ කරගෙන යන්නේ මේ අර්බුදය ගැන කිසිම අවබෝධයකින් තොරව.”
2022 ජනවාරි 01 වෙනිදා ජල විදුලි බල ධාරිතාව 88% කි. එමෙන්ම පසුගිය වසරේ ඉතාම හොඳ ජල අස්වැන්නක් ලැබිණ. අවම වශයෙන් මැයි 14 දක්වාවත් බුද්ධිමත්ව ජල විදුලි ක්ෂේත්‍රය පාලනය කළ යුතු‍ බව හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.
“නමුත් අද මේ ජල විදුලි ක්ෂේත්‍රයේ හිතුමතේ නිලධාරීන් විදුලිය කපන්න එපා කියනවා. නිලධාරීන් ජල විදුලිය ගන්නවා. ඊළඟට යල කන්නයේ වතුර නිකුත් කරන්න තියෙනවා. කැළණි ගඟට පානීය ජලය නිකුත් කරන්න තියෙනවා. අද මේ නිසා මම බොහොම වගකීමෙන් කියනවා. මේ බය කරන්න නෙමෙයි. මේවා හොයාගන්න, තේරුම් ගන්නයි මං මේ කියන්නේ. මාර්තු මාසේ අවසන් සතිය හා අප්‍රේල් මාසේ, මුල සතියේ මේ ජල විදුලිය අද පාලනය කළේ නැත්නම්, සම්පූර්ණ විදුලිබල පද්ධතිය අකර්මණ්‍ය වෙනවා. මොකද, ප්‍රධාන බලාගාර දෙකකින්, ඒ කියන්නේ, කොත්මලේ බලාගාරයෙන් හා වික්ටෝරියා බලාගාරයෙන් තමයි අද අපට පුළුවන් වෙලා තියෙන්නේ පද්ධති පාලනය කරන්න. මොකද කැළණි ගඟේ තියෙන බලාගාර කාසල්රී මාවුස්සා කැලේ දැන් ඒ තත්ත්වයෙන් මිදිලා ඉවරයි. ඒ නිසා අනිවාර්යෙන්ම මේ ජලය අරපිරිමැස්මෙන් යුතුව මැයි මාසේ 14 වෙනිදා දක්වා පාලනය නොකලොත් අනිවාර්යෙන්ම අප්‍රේල් මුලදී විදුලිබල පද්ධතිය අකර්මණ්‍ය වීම වළක්වන්න බැහැ. ”
ඒ නිසා කරුණාකරලා මේක ගැන කල්පනා කරලා බලන්න. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලය මේ විදිහට ඩීසල් හා ගල් අඟුරුවලින් දුවගෙන යනකොට අතිවිශාල මුදල් පාඩු වෙනවා ඇත්ත. ඒ වගේම විදුලිය සපයන්නේ නැති සෑම අවස්ථාවකටම විදුලිබල මණ්ඩලයට යම්කිසි ඉතුරුවක් වෙනවද? ඒ වගේ දහගුණයක් රටේ ආර්ථිකයට පාඩු වෙනවා. ඒක තමයි විදුලි බල කප්පාදුවේ ඉතිහාසයේ තියෙන ගණිත ණය. ඒ කියන්නේ පැයක් කපලා විදුලිබල මණ්ඩලය රුපියල් ලක්ෂයක් ඉතුරු කරගන්නවා නම් දස ලක්ෂයක් ආර්ථිකයට පාඩු කරමින් තමයි ඒ කටයුත්ත කරන්න වෙන්නේ. දැන් මොකද යෝජනාව? දැන් යෝජනා කරන්න යනවා 50% කට වැඩි මුදලකින් විදුලි බල ගාස්තු වැඩි කරන්න. ඒ කියන්නේ රුපියල් 16.40 කට තියෙන සාමාන්‍ය මිල වැඩි කරන්න. ආණ්ඩුවට කිසිම විදිහකට ඒකක 60 ට වඩා අඩුවෙන් පාවිච්චි කරන අහිංසක ජනතාවගේ ඒ විදුලි බිල වැඩි කිරීමේ අයිතියක් නෑ.
ඊළඟට මහ බැංකුව යෝජනා කරනවා තෙල් මිල ඉහළ යවන්න. මේ කටයුත්ත කරන්න විධිමත්ව. 2015 අගෝස්තු මාසේ මවිසින්, ලංකා විදුලිබල මණ්ඩලයටත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත්, කාටත් පොදු, මහජනයා එක්ක මාසයක් කතා කරලා, මිල සූත්‍රයක් ඉදිරිපත් කළා. ඒ මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න, ඒක යුක්ති සහගතයි. ඒක ගැන අපිට සැකයක් නෑ. හැබැයි ඒ අතරේ ලංකා විදුලිබල මණ්ඩලයේ, ඒ වගේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙයි, මේ දේශපාලන පත්වීම් වලින්, මේ ආයතන විනාශයෙන්, විනාශයට ගෙනියන්න එපා කියන එක අපි මතක් කරනවා. ඒ වගේම මේ ප්‍රශ්නය මාස කීපයකින් විසඳෙන ප්‍රශ්නයක් නෙවෙයි. අපි මේ ප්‍රශ්නය අවබෝධ කරගත යුතුයි.
වැඩි පොලියට අන්තර්ජාතික වෙළඳපොලෙන් ගත්ත ඒ වගේම ශ්‍රී ලංකා ඩිවලොප්මන්ට් බොන්ඩ්ස්. මේ නිසා තමයි අද මේ රටේ මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ. අපේ විදේශ ණය වලින් 43% ක් මේවා. මේ අවුරුද්දේ ඉවර වෙන්නෙ නෑ. මේක 2030 දක්වා යනවා. ඒ වගේම මේ ණය අර්බුදය ඉනුත් ඔබ්බට ඇදිලා යන්න පුළුවන් අද මේ තත්ත්වයත් එක්ක. ඒ නිසා මේක මේ මාසෙන් ඉවර වෙනවා. වැස්සෙන් පස්සේ ඉවර වෙනවා. ඊළඟ කන්නෙන් පස්සේ ඉවර වෙනවා. මට මේ අවුරුද්ද දෙන්න. මම කරලා පෙන්නන්නම්. ඒ වගේ කතා වලට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි.

ඒ වගේම මේ ඩොලර් ප්‍රශ්නය විසඳීම සඳහා විතරක් ආණ්ඩුව කටයුතු කරනකොට මතක තියාගන්න රුපියල් ප්‍රශ්නයක් තියෙනවා. මහ බැංකුවට දැවැන්ත රුපියල් හිඟයක් තියෙනවා. ප්‍රධාන බැංකු දෙක කඩා වැටීමට ආසන්න තත්ත්වයේ ඉන්නේ රුපියල් හිඟය නිසා.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඒ අතරේ භාණ්ඩ 367 කට දැන් ගෙනාවා ලයිසන් එකක් දෙන්න කියලා. කවුද මේකෙන් ප්‍රයෝජනය ගන්නේ? කාටද මේ ලයිසන් එක දෙන්නේ? විවෘත වෙළඳපොළ පසුගිය කාලයේ දිගටම ඇහිරුවා. රටේ සීනි පොල්තෙල් ඒකාධිකාරයක් හැදුවා. ටයිල් ඒකාධිකාරයක් හැදුවා. අද තමන්ට හිතුණු ගජමිතුරු පිරිසක් අතට මේක ලබා දීලා ඇපල් මිදි වල ඉඳන් සියලුම දෑ තමන්ගේ හිත මිතුරන් හරහා කළු කඩෙන් ලබා ගන්න තත්ත්වයට පත් කිරීම තමයි මේ සිදු කරගෙන යන්නේ. මේක විවෘත කරන්න. මේක ඕන කෙනෙකුට ගන්න පුළුවන් තත්ත්වය ඇති කරන්න.
රුපියල පාවෙන්න ඇරීම පමා වෙලා හරි ගත්ත හොඳ තීරණයක් වුණාට මේකෙන් රට ගොඩ යන්නේ නෑ. දැන් ඒක පමා වෙලා වැඩියි. අශ්වයා ගිහිල්ලා වැඩියි. මොකද රට බංකොලොත් වෙලා ඉවරයි.

මේ තත්ත්වයට විසඳුම ලෙස මන්ත්‍රීවරයා යෝජනා කරන්නේ මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ගෑස් සමාගම, ජල සම්පාදන මණ්ඩලය, ඖෂධ සංස්ථාව ඇතුළු සියලුම දෑ වෘත්තීය විද්වතුන් පිරිසක් අතට පත් කරන ලෙසය. ඒ විද්වතුන්ගේ ක්‍රියාකලාපය මැනීම සඳහා පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කොට ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය අනුව අදාළ ආයතන නියාමනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මැදිහත් විය යුතු බව ද පාඨලී චම්පික රණවක මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටවිරුවන්ගේ ඩොලරයකට බැසිල් දෙන බව කී “වැඩිපුර රුපියල් 20“ නොලැබෙන ලකුණු!

Next Post

නෑනාගේ නිරුවත් ඡායාරූප අන්අයට යැවූ නෝනා අල්ලයි

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.