දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ වේගයෙන්ම වර්ධනය වන සරණාගත අර්බුදය වාර්තා වෙමින් ඇත.
දින 10ක් තුළ යුක්රේනයේ සිට මිලියන 1.5කට අධික සරණාගතයින් පිරිසක් අසල්වැසි රටවලට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ කොමසාරිස් ෆිලිපෝ ග්‍රෑන්ඩි අද ( 6) පවසා තිබේ.

ට්විටර් සටහනක ග්‍රැන්ඩි එය හැඳින්වූයේ “දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ වේගයෙන් වර්ධනය වන සරණාගත අර්බුදය” යනුවෙනි.
More than 1.5 million refugees from Ukraine have crossed into neighbouring countries in 10 days — the fastest growing refugee crisis in Europe since World War II.
— Filippo Grandi (@FilippoGrandi) March 6, 2022
මේ අතර, ජර්මනියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සීඑන්එන් වෙත පවසා ඇත්තේ පෙබරවාරි 24 වන දින රුසියානු ආක්‍රමණය ආරම්භයේ සිට යුක්රේනයේ සිට 38,000 කට ආසන්න පිරිසක් ජර්මනියට පැමිණ ඇති බවයි.
ජර්මානු ෆෙඩරල් පොලිසිය ඉරිදා වන විට යුද්ධයෙන් අවතැන් වූ යුකේර්න සරණාගතයින් 37,786 ක් ලියාපදිංචි කර තිබේ.
කෙසේ වෙතත්, පෝලන්තය සහ ජර්මනිය අතර දේශසීමා පරීක්ෂාවන් නොමැතිකම හේතුවෙන්, පැමිණෙන පුද්ගලයින්ගේ සැබෑ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි විය හැකි බව අමාත්‍යාංශය පවසයි.
ජර්මනියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නැන්සි ෆේසර් (Nancy Faeser) ජර්මානු පුවත්පතක් වන “Bild am Sonntag” වෙත පැවසුවේ යුක්රේනයේ යුද්ධයෙන් පලා යන සරණාගතයින්ට ඔවුන්ගේ ජාතිකත්වය කුමක් වුවත් ජර්මනිය සත්කාරකත්වය සපයනු ඇති බවයි.
(සීඑන්එන්)







