හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි වනිතා බලවේගයේ කාන්තාවන් පිරිසක් ඊයේ (05) එක්වරම ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවාසය අසලට පැමිණ උද්ඝෝෂණයක් කිරීමේ සිදුවීම පිළිබඳ කලින් දැනුම්වත් නොවීම සහ එම සිද්ධිය කලින් වාර්තා කර වළක්වාගත නොහැකි වීම සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදුකිරීමට අවධානය යොමු වී ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග හෙළි කරයි.
මෙම විමර්ශනය සම්බන්ධව නිශ්චිත තීන්දුවක් හෙට ගනු ඇතැයි ද තොරතුරු පල වේ.
අදාල උද්ඝෝෂණයට පැමිණි කාන්තාවන් පැමිණීමට පෙර සිය ෆේස් බුක් ගිනුම් මගින් තමන්ගේ ගමන ගැන සජීවී ප්‍රකාශ සමාජගත කර තිබිණි. ඔවුන් ජනාධිපතිවරයාගේ නිවස අසලට පැමිණ තිබුණේ ඉන් පසුවය.
එසේ තිබියදීත් සිද්ධිය ගැන තොරතුරු කල් තබා වාර්තා නොවීම විශේෂ අවධානයට ලක් වී තිබේ.
ඊට හේතුව වී ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුන විශාල ආරක්ෂකයින් ප්‍රමාණයක් ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවාසය ප්‍රදේශය ආවරණය වන අකාරයට රාජකාරියේ යොදවා තිබීමය.







